ප්‍රදේශ ගණනාවක පවතින ආපදා තත්ත්වය හමුවේ සිදුවන අනතුරුවලින් මහ ජනතාව මුදවා ගැනිම පිණිස ත්‍රිවිධ හමුදාව සිරුවෙන් තබා ඇති අතර පොලිසිය මේ වන විටත් ගම්මානවල හදිසි කටයුතුවල යෙදි සිටිති.
මාතර ගාල්ල, ඇතුලු දකුණේ ප්‍රදේශ ගණනාවකටත් සඹරගමුව පළාතේ ප්‍රදේශ ගණනාවකටත් කලුතර ඇතුලු ඒ අවට තවත් ප්‍රදේශ ගණනාවකටත් බස්නාහිර ප්‍රදේශලයත් හමුදා භට පිරිස් බෝට්ටු යවා ඇත. ඊට අමතරව ගුවන් හමුදාව හදිසි ආපදා තත්ත්වයකින් මහජනතාව බේරා ගැනිම පිණිස හෙළිකොප්ටර යානා සහ සෙසු අවශ්‍යතා සුදානමින් තබා ඇත. යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ හමුදාව සුදානමින් තබා තැබිමට අමතරව හමුදා සේනාංක කිහිපයක් දකුණු සඹරගමුව සහ බස්නාහිර පළාත්වල සුදානමින් තබා ඇති බවයි.
මිට අමතරව නාවික හමුදා භටපිරිස් ගණානවක සහ බෝට්ටු රැසක් ගංවතු අවධානම් ඇති ප්‍රදේශවලටද යවා ඇති බවද බ්‍රිගේඩියර් අතපත්තු මහතා පැවසිය.


0 Comments