උපාලි කරුණාරත්න සහ චන්දිමා කරුණාරත්න
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට කඩිනමින් මුහුණදීම සඳහා රජය සියලු අංශයන් සූදානම් කර ඇති බව වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමණාකරන ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ආපදාවට පත් පිරිසට සහන සැලසිම සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දිනමිණට අදහස් දැක්වමින් ඇමැති දුමින්ද දිසානායක මහතා මෙසේද කිය. ආපදා ඇතිවිය හැකි සියලු ප්‍රදේශවලට සහන සැළසීමට අවශ්‍ය පහසුකම් රජය මේ වන විට සලසා තිබෙනවා.සහන සේවා සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී තිබෙන අතර ආපදා තත්ත්වය වැඩිවුවහොත් ජනතාවට අවශ්‍ය සහන සේවා සැළසීම සඳහා යුද හමුදා කඳවුරු, නාවික හමුදා කඳවුරු සූදානම් කර තිබෙනවා. හදිසි අවස්ථාවන් වලදී හමුදා භට පිරිස් කුමන ප්‍රදේශයන්ගේ යොදවන්නේද යන්න පිළිබඳවද මේ වන විට හඳුනාගෙන තිබෙනවා. හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ජනතාව සුරක්ෂිත ස්ථානයන්ට ගෙන යාම් පිළිබඳව සොයා බැලීම් කර තිබෙන අතර අනතුරු දායක ප්‍රදේශයන්ගේ ප්‍රාදේශිය ලේකම්වරු,ග්‍රාමනිලධාරිවරුන් ඇතුළු අදාළ වගකිවයුත්තන් සියලු දෙනාම දැනුවත් කර තිබෙනවා.ගංවතුර තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා මා කලුතර ප්‍ර දේශයටත් රත්නපුර ප්‍රදේශයටත් යනවා.
අපදාවට පත් වූ ජනතාවට බෙදා දීම සඳහා ආහාර ඇතුලු අවශ්‍ය භාණ්ඩ මෙට්ට, වතුර ෆිල්ටර්, ජෙනරේටර් මේ වන විට ආපදාවට පත් ජනතාවට බෙදා දීමට කටයුතු යොදා තිබෙනවා. අවශ්‍ය බෝට්ටු අදාල ප්‍රදේශවලට යවා තිබෙනවා. රජයේ සියලු වකිවයුතු කොටස් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට කඩිනමින් මුහුණදීම සඳහා සූදානම් කර තිබෙනවා. අපට මේ අවස්ථාවේ ආපදා කටයුත්තු සඳහා ප්‍රමාණවත් මුදල් තිබෙනවා. ඉදිරියේදී ඇතිවන ආපදා තත්ත්වය අනුව අවශ්‍ය වුවහොත් වැඩිපුර මුදල් ලබා ගන්නවා.


0 Comments