Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විපතට පත්වූ අය ආරක්ෂිත තැන්වලට ගෙන එන්න

Author(s): 
උදුලා පීරිස්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑමට සියළුම දිසාපතිවරුන්,ප්‍රාදේශීය ලේකම්වරු මගින් ග්‍රාම නිලධාරීන් දැනුවත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි. මේ වන විට නායයෑම් ඇතිවිය හැකියැයි කලින් හඳුනාගත් ප්‍රදේශ රැසක ජනතාව වෙනත් ස්ථාන කරා යොමුකර ඇතැයිද පවසන එම අමාත්‍යාංශය ඕනෑම හදිසි ආපදා තත්වයකදී ප්‍රයෝජනයට ගතහැකි පරිදි අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මුදාහැර ඇති බවද කීය.

කැළණි,ගිං,කළු,නිල්වලා ඇතුළු ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් පහත් බිම් ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද ප්‍රාදේශීය ලේකම් හරහා ග්‍රාම නිලධාරීන් දැනුවත් කර ඇතැයිද කීය.

ගිංගගේ නෙළුව,තවලම,නාගොඩ, නියාගම,හිනිදුම, යන ප්‍රදේශවල යුධ හමුදාව හා නාවික හමුදාව,පොලීසිය යොදවා ආරක්ෂක භට කණ්ඩායම් 07ක්යොදවා ඇතැයිද කී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊට අමතරව බෝට්ටු 2ක්ද යොදවා ඇතැයිද කීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();