ධීවර කාර්මිකයන් සඳහා පැවැති මිලටම /සහනදායි ක්‍රමයකට ඉන්ධන ලබා දීම යෝජනා කෙරෙන කැබිනට් පත්‍රිකා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා විසින් අද (22) අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
ධීවර යාත්‍රා සඳහා භුමිතෙල් සහ ඩීසල් දෙවර්ගයම භාවිතා කරන ධීවර කාර්මිකයන් වෙනුවෙන් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරේ.
ඩීසල් භාවිතා කරන බහුදින ධීවර යාත්‍රා 4532ක්ද,එක්දින ධීවර යාත්‍රා 897 ක්ද වන අතර භූමිතෙල් භාවිතා කරන එක් දින සුළු පන්න ධීවරයන්ගේ යාත්‍රා සංඛ්‍යාව 24,850 ක් වේ.
මෙයට පෙර ධීවර ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවට අනුව එක් දින ධීවර යාත්‍රා සඳහා භූමිතෙල් සහනාධාරය ලබා දීමට රුපියල් බිලියන 4ක මුදලක් වෙන් කෙරිණි.
නමුත් මේ සහනාධාරය පිළීබඳව තමන් සැහීමකට පත් නොවන බව පවසමින් ධීවර කාර්මිකයින් සිය අකමැත්ත පළ කිරීමත් සමගම ධීවර ඇමැතිවරයා ,රාජ්‍ය ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ නිළධාරින් සමග ධීවර සමිති නියෝජිතයින්සාකච්ඡා අරඹන ලදි.
මෙහිදී එම ධීවරයින් පවසා සිටියේ ධීවරයින්ට පරණ මිලටම ඉන්ධන ලබා දෙන ලෙසයි.එමෙන්ම ධීවර සහනාධාරය ලෙස ලබා දීමට යෝජිත මුදල බැංකු ගිණුම්වලට බැර කිරීමටද ඔවුන් එකඟවූයේ නැත.
මේ හේතුව නිසා යළීත් මේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදීමට ධීවර දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇති අතර එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා 'දිනමිණට'පැවැසුවේ ධීවර ඇමැතිතුමන් අද (22) දිනයේ මේ සම්බන්ධයෙන් වූ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති බවයි.
ඉන්ධන සහනාධාරය ලබාදීමේ තවත් පියවරක් ලෙස ,සියලු ධීවරයින්ගේ නිවැරදි තොරතුරු ඛණිජතෙල් අමාත්‍යංශය වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් එම අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි දිස්ත්‍රික් ධීවර කාර්යාල හරහා මේ සියලු තොරතුරු එම අමාත්‍යංශයට යැවීම දැන් සිදු කෙරෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
මේ අනුව නව ධීවර කාර්මිකයින්ට ඉන්ධන ලබා දීමේදී සැලකිය යුතු සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි ධීවර අමාත්‍යංශය විශ්වාසය පළ කරන බවත් පවසන අධ්‍යක්ෂජනරාල්වරයා පෙන්වා දෙන්නේ ධීවරයින්ට ඉන්ධන බෙදා දීම හො කූපන් ලබාදීම සිදු කරන්නේ ධීවර අමාත්‍යංශය නොව ඛණීජතෙල් අමාත්‍යංශය බවයි.


0 Comments