කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක
කුණු කසළ බැහැර කිරීමේ දී දිරාපත්වන හා නොවන වශයෙන් කුණු කසළ වෙන්කොට ලබාදීම කොළඹ සෑම පුරවැසියකුගේම යුතුකමක් හා වගකීමක් වෙන බැවින් ඊට අනුගත වන්නැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉල්ලා සිටියාය.
ඒ මහත්මිය මේ බව සඳහන් කළේ පසුගියදා (10) කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් උතුර කොට්ඨාසයේ ප්‍රජාශාලාව හා කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් කතා කළ නගරාධිපතිනිය මෙසේද කීවාය.වසර පහක් පමණ තිස්සේ වසා තිබුණු මේ ප්‍රජා මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම මේ ප්‍රදේශයේ ජනතාවගේ ජයග්‍රහණයක්.මේ යෝජනාව ඉදිරිපත් කරමින් මීට මහන්සිවු ආරියරත්න සන්තියාගුපිල්ලේ මන්ත්‍රීවරයාව මෙහිදි සිහිපත් කළ යුතුයි.
ග්‍රෑන්ඩ්පාස් උතුර කොට්ඨාසයේ සෆාන් මන්ත්‍රීවරයා නවක කෙනකු ලෙස තමාගේ උපන්දිනය යෙදෙන දිනයක මේ සත්කාරය යොදැගැනීම යහපත් කරුණක්. මේ ප්‍රජාශාලාවට අමතරව එහි ඉහළ මාලයේ අංඟසම්පූර්ණ කායවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීම වැදගත් දෙයක් වෙනවා. එය අද තරුණ තරුණියන්ට අවශ්‍ය ස්ථානයක් වෙනවා. මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට බහුකාර්ය මධ්‍යස්ථාන ඉදිකිරීම ඇතුළත් කළා. එවැනි මධ්‍යස්ථාන හයක් පමණ ඉදිකරන්න ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා.
ඒ මගින් කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කරන්න පුළුවන්. ව්‍යවසායකත්ව, නායකත්ව හා වෙනත් පුහුණු කිරීම් සිදුකර ඒ අයට ශක්තියක් ලබාදිය හැකියි. ඒ මගින් ඔහුන්ට මුල්‍ය පහසුකම් ලබාදීමට ක්‍රමවේද ඇති කිරීම තුළින් කාන්තාවන්ට ඉදිරි ගමනක් ඇති කළ හැකියි. එමෙන්ම දරුවන්ගේ රැකවරණය හා නැණ නුවණ පහදන ඉංග්‍රීසි භාෂාව පුහුණුව, දිවාසුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල් හා පරිගණක පුහුණු පාඨමාලා ඇති කිරීම සිදු හැකි වෙනවා. මේ සියල්ල අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාව අඩු පහසුකම් මද්දේ ජීවත්වෙන බැවින් ඒ අයට මේවා ඉටුකරගන්න මෙය ආශිර්වාදයක් වෙනවා.මේවා ඉටු කිරීම සඳහා අදාළ ආයතන හා මැතිඇමැතිවරු සමඟ මම සාකච්ඡා කර තිබෙනවා. අපේ දස අවුරුදු සැලැස්මේ තේමාව වන බලගතු කොළඹක්, සුහුරු නීල හරිත කොළඹක්, ඇතිකරන්න බලාපොරොත්තුවන අතර නිවාස යෝජනා කිහිපයක්ද මීට ඇතුළත්වෙනවා. මේ කටයුතු කරන්න අපේ එක්සත් ජාතික පක්ෂයේ වගේම අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් මේවන විට ලබාදී තියෙනවා.
මේ සඳහා ඉඩම් තෝරාගැනීම හා මුල්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජයෙන් ලබා ගැනීමේ කටයුතු සාකච්ඡා කරමින් තියෙනවා. මම මගේ මන්ත්‍රීවරුත් සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරනවා. එමෙන්ම සෆාන් මන්ත්‍රීතුමා ඉල්ලු දෙයක් තමයි මාර්ග ඉදිකිරීම ඇතුළු ජනතා කටයුතු කරන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම ජනතාවගෙන් මටත් තියෙනවා ඉල්ලීමක් කරන්න කුණු කසළ බැහැර කිරීමේදි අපි විවිධ ප්‍රශ්නවලට මුහුණපානවා. මේ ගැන නිරන්තරයෙන් මම නාගරික කොමසාරිස් සමග සාකච්ඡා කරනවා. මීතොටමුල්ල කන්ද කඩා වැටීමත් සමඟ අපි ඉතා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මෙහිදි අපි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළා විශේෂයෙන් කුණු කසළ වෙන් කොට එනම් කළමනාකරණය කොට බැහැර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන අතර ලබන (20) බොරැල්ලේ දි එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේවනවිට මම නියෝජනය කරන ආසන වන නැඟෙනහිර හා බටහිර කොළඹ මේ ගැටලුව විසඳන්න කටයුතු කර තිබෙනවා. නමුත් සමහර ප්‍රදේශවල තවමත් කුණු වෙන්කරන්නේ නැතිව භාරදීම සිදුවෙනවා. මේ පිළිබඳ සියලු මන්ත්‍රීවරන්ට පැවසුවා තම බල ප්‍රදේශයේ ජනතාව මේ ගැන දැනුවත් කරන්න කියලා.
එහෙම වුණාම අපිට කුණු රැගෙන යන්න බැරිවෙනවා. දිනකට කුණු මෙට්‍රික් ටොන් හයසීයක් පමණ එකතුවෙනවා මින් මෙට්‍රික් ටොන් පනහක් පමණ තවම කළමනාකරණය කිරීම සිදුවන්නේ නැහැ. ඒ නිසා ජනතාවට මේ කුණු වෙන්කිරීම පුරුද්ද ඇති කරගත යුතුයි. එය සිය වගකීමක්ද වෙනවා. එහිදි නගර සභාවේ කාර්ය භාර්ය තමයි වෙන්කර ලබාදෙන කුණු බැහැර කොට නගරය පිරිසුදුව තබාගැනීම. අපි මේ සඳහා නගර සභාවෙන් ලබාදෙන උපකරණ සියල්ල ලබා දෙනවා. මේ ස්ථානයට අවශ්‍ය උපකරණ කිහිපයක් ඉල්ලුවා එය ලබා දෙන්න කටයුතු කරනවා. මේ කායවර්ධන මධ්‍යස්ථා රාත්‍රී 10.00 පමණ වෙනතුරු විවෘත කරන්න කියලා මම ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා.
මෙහිදි නියෝජ්‍ය නගරාධිපති එම්.ටි.එම්. ඉක්බාල් හා නාගරික මන්ත්‍රීවරුන්වන ඒ.ආර්.එම්.සෆාන් ඇතුළු පිරිසක් උත්සව සභාව ඇමතු අතර මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද පසුව සහභාගිවි ඇත. නගර සභාවේ ඉහළ නිලධාරින්ද ප්‍රදේශවාසීන්ද එක්ව සිටියහ.


0 Comments