

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව ඊයේ (13) සිදුවිය.
ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය වන Sadabaad Palace වෙත ගිය ජනාධිපතිතුමා ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් මෙහිදී සංවිධාන කර තිබුණි. නායකයින් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිනි.
ඡායාරූප : සුදත් සිල්වා


0 Comments