ඉන්දියාවෙන් ගෙන්වූ කැරම් බෝඩ් හා දාම් බෝඩ් නුවර ප්‍රදේශයේ සිය හිතවත් පාසල් අතර බෙදාදිමේන් රජයට කෝටි පහකට අධික මුදලක් පාඩු කිරීමේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ලබන ජුලි 3වන දින චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට අල්ලස් කොමිසමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17) නියම කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමත්‍යවරයාව සිටිමින් 2014 වසරේ මෙම ක්‍රීඩා භාණ්ඩ ආනයනය කොට දේශපාලන ක්‍රියා ඉල්කක කර ගනිමින් හිතවත් පාසල් අතර බොදා දීමෙන් රජයට කෝටි පහක පාඩුවක් වු බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
මෙම සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කිරීමට යෝජිත සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් එම කරුණු සම්බන්ධයෙන් ද අධ්‍යයනය කොට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
එම කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ජුලි තුන්වන දින සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට අල්ලස් කොමිසමට නියම කරමින් පැමිණිල්ල එදිනට කැඳවීමට දින නියම කළේය.
වර්ෂ 2014 පාසල් අතර බොදා දීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කළ කැරම් බෝඩ් 14,000ක් හා දාම් බෝඩ් 14,000ක් හිතවත් පාසල් අතර බොදා දුන් බව පවසමින් අල්ලස් විමර්ශන දුෂණ අංශය හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ගබඩාපාලකවරයාට එරෙහිව මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.
අධිකරණය සිතාසි මත අධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇප මත මුදා හැරුණේ ඉකුත් ජනවාරි මාසයේයි.
සිරන්ජනි කුමාරි, රිද්මි අමෝදා


0 Comments