ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ලබන අගෝස්තු 30 වනදාට පෙර අවසන් කිරීමට පක්ෂයේ මධ්‍යමකාරක සභාව තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) රාත්‍රියේදී රැස්වූ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ දැඩි අවධානයක් ද මෙහිදී යොමු කර ඇති අතර ලබන 03 වනදා නැවත මධ්‍යමකාරක සභාව රැස්වීමට තීරණය කර ඇත.
එමෙන්ම ලබන 03වනදා මධ්‍යම කාරක සභාව හා විධායක සභාව කැඳවා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ද තීරණය කර තිබේ. ඉන් පසුව ශාඛා සමිති, ආසන බල මණ්ඩල ඇතුළු අනුබද්ධ ශාඛා සමිති සියල්ල ඇතුළත් වන පරිදි පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ය.


0 Comments