Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගංවතුර තත්ත්වයක් - ප්‍රවේශමෙන්

කැලණි ගඟේ ගංවතුර තත්ත්වයක් ඇතිවීම දක්වා පැමිණීම හේතුවෙන් සීතාවක, කඩුවෙල හා කොළොන්නාව ප්‍රදේශවල පහත්බිම්වල ගඟ දෙපස ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කංනන්ගර පැවසුවේ, අදාළ පිරිස් ආරක්ෂිත ස්ථානවලට යොමුකර ඇති බවයි.

අද සවස 6.00 පමණ වන විට එම ප්‍රදේශවලින් පවුල් 200 ක් පමණ ඉවත් කර ඇත.

කැලණි ගඟ ආසන්නයේ සිටින වැලම්පිටිය, මුල්ලේරියව ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථානවෙත පිටත්ව යන ලෙසට පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් උපදෙස් ලබා දී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව ආරක්ෂත ස්ථාන 24 ක් ස්ථාපිත කර ඇති බවයි.

මේ අතර කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර නගරය ආශ්‍රිතය මහ ගංවතුර මට්ටමට පත්වීමේ අවදානමක් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ සඳහන් කළේ, අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම අලව්ව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව ප්‍රදේශයෙන් මාඔය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් තාවකාලිකව වසා දමා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අලව්වේ සිට කිලෝමීටරයක් පමණ කුරුණෑගල දෙසට වන්නට දුරින් ප්‍රධාන මාර්ගය ඉරිතලා ඇති බවයි.

ඒ හේතුවෙන් අලව්වේ සිට කුරුණෑගල දෙසට ධාවනය කරන රථවාහන එක් මන්තීරුවකින් පමණක් ධාවනය කිරීමට සලසා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ආරක්ෂාකාරීව රිය පැදවන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();