ලොව පුරා මිලියන ගණනක් දෑස් එංගලන්තය වෙත හැර වූ හැරී- මේගන් මංගලෝත්සවයේ විය හියදම් මේ වන විට කතාබහට ලක් වී තිබේ.
අප දුටු ඉතා සරල මේ මංගල්‍යය හේතුවෙන් එංගලන්තයේ ආර්ථිකය පවුම් මිලියන 500කින් වර්ධනය විය යුතු බව බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
බැලූ බැල්මට ඉතා චාම් මනාලියක් ලෙස ලෙස සැරසී සිටි මේගන්
මංගල දේව මෙහෙය සඳහා සැරසී සිටි මංගල ඇඳුම සඳහා පමණක් වියදම පවුම් 400,000 ක් එනම් රු.85,018,238.31ක් බව අනාවරණය වී තිබේ. ඇය සාදය සඳහා වෙනම ගවුමකින් සැරසී සිටියාය. එම ගවුම ද උදෑසන සැරසුණ ඇඳුම තරමටම චාම් විය. එහි වටිනාකම තවම වාර්තා වී නැත.
ඊට අමතරව මල් සැරසිලි සඳහා පවුම් 110,000 (රු.23,380,015.54), කෙටි කෑම සඳහා පවුම් 26,000 (රු.5,526,185.49), කේක් සඳහා පවුම් 50,000(රු 10,627,279.79), ආරක්ෂාව සඳහා පවුම් මිලියන 30 (රු 6,376,367,873.40), මංගල්‍යය නිවෙද්නය කළ ට්‍රම්පට් 20 සඳහා පවුල් පවුම් 90,000 (රු.19,129,103.62), විවාහ මංගල්‍යය පැවැත්වූ ගොඩනැගිල්ල සැකසීම සඳහා පවුම් 300,000 (රු 63,763,678.73) ක් ද ලෙස වැය වූ බව මේ වන විට අනාවරණය වී තිබේ. මීට එක් විය යුතු අනෙකුත් වියදම් දළ වහයෙන් එක් කළහොත් මංගල්‍යය සඳහා පවුම් මිලියන 32ක් පමණ එනම් ශ්‍රී ලංකා රු. 68,014,590,649.60 ක් පමණ වේ.
සම්ප්‍රදාය අනුව මේ වියදම දැරිය යුත්තේ මනාලියගේ පියා විසින් වුවත් හැරී- මේගන් මංගල්‍යයේ බිල රජ පවුල විසින් ගෙවන බවට මේ වන විට කෙන්සිංටන් මාලිගය තහවුරු කර ඇත. එහෙත් මේගන් ගේ ඇඳුම සඳහා ඇය විසිනුත් ආරක්ෂාව සඳහා බදු ගෙවන්නන් විසිනුත් ගෙවීම් සිදු කරනු ඇත.


0 Comments