Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැලේසියාවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

 මැලේසියාවේ නව කැබිනට් මණ්ඩලය ඊයේ (21) දිවුරුම් දෙනු ලැබීය.

14දෙනෙකු ගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, නීතිඥයන් සහ කථිකාචාර්යවරයකුත් ඇතුළත් බව වාර්තා වේ.

මෙම අමාත්‍ය මණ්ඩල සංයුතිය සම්පූර්ණයෙන්ම අග්‍රමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාගේ යෝජනාවන්ට අනුව සිදු වී තිබේ. මැතිවරණයකින් යළි බලයට පත් වන ලොව වයස්ගතම නායකයා බවට ඉතිහාසයට එක් වෙමින්, මැලේසියාවේ හිටපු අගමැතිවරයකු වූ, නූතන මැ‍ලේසියාවේ පියා ලෙස සැලකෙන මහතීර් මොහොමඩ් එරට පැවැති මහ මැතිවරණයෙන් අනපේක්ෂිත විශිෂ්ට ජයක් අත් කර ගත්තේය. සිය සන්ධානය 'නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපනය' කරන බව මහතීර් මොහොමඩ් මෙම ‍ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශ කළේය‍.

1981 වසරේ දිට 2003 වසර දක්වා ධුරයෙන් ඉවත්ව යන තුරුම මහතීර් බීඑන් සභාගයේ ප්‍රධානත්වය දරමින් මැලේසියාවේ අගමැති ධුරය හෙබවීය. 90 දශකයේ ඒෂියන් ටය්ගර්ස් ලෙස හැඳින් වූ ආර්ථිකය වේගයෙන් පුළුල් කර ගත් රටවල් අතරට මැලේසියාව රැගෙන ගියේ ඔහුය. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();