Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුම් දෙන්න ජනාධිපති ට්‍රම්ප් ට අවබෝධයක් නැහැ

 ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුම් ලබා දීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට අවබෝධයක් නැතැයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පවසයි.

ට්‍රම්ප් ඊශ්‍රායලයේ අවශ්‍යතා ඉටු කිරීමට වෙහෙසෙනවා පමණක් බව ඔහු සඳහන් කර තිබේ.

මෙම අර්බුදයේ මැදහත්කරු ලෙස වසර ගණනාවක් පුරා ක්‍රියා කරමින් සිටි අමෙරිකාව ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස නිල වශයෙන් පිළිගනිමින්, අමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමත් සමඟ පසුගිය දා දැඩි අර්බුදකාරී වාතාවරණයක් ඇති විය‍ මේ හේතුවෙන් පලස්තීනය හා ට්‍රම්ප් අතර සබඳතා ද ඇන හිට තිබේ.

එහෙත් ‍ඊශ්‍රායල පලස්තීන අර්බුදයට සාර්ථක විසඳුමක අවශ්‍යතාව වටහා ගෙන ඇති බවත් ඒ සඳහා කටයුත් කරන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර ට්‍රම්ප් ඉදිරිපත් කරන කිසිදු විඩ පිළිවෙළකට එකඟ නොවන බව පලස්තීන පාලනය තරයේ ප්‍රකාශ කර සිටියි. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();