Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිසුන් ඉලක්ක තුවක්කුකරුවන් පාලනයට ගුරුවරු වැඩි පිරිසකට අවි දිය යුතුයි

ලුතිනන් ඩෑන් පැට්‍රික් කියයි

ගුරුවරුන් වැඩි සංඛ්‍යාවකට අවි ලබා දීමෙන් සිසුන් ඉලක්ක කරන තුවක්කුකරුවන් පාලනය කරගත හැකි බව ටෙක්සාස් හි ජ්‍යෙෂඨ නිලධාරියකු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ එක් අයකුට එරෙහිව ගිනි අවි හතරක් හෝ පහක් තිබිය යුතු බවයි.

ලුතිනන් ඩෑන් පැට්‍රික් විසින් මෙසේ ප්‍රකාශ කර ඇත්තේ දස දෙනෙකුට මරු කැඳවමින් ටෙක්සාස් හි සැන්ටා ෆෙ උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමට පසුවය. මෙම පාසැලට ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු වැඩි බව ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ගුරුවරුන් අවිවලින් සන්නද්ධ කිරීමේ යෝජනාව අලුත් අදහසක් නොවන බව ඔහු අවධාරණය කරයි. පෙබරවාරි 14 වැනි දා ‍ෆ්ලොරිඩා හි පාසලක සිදු වූ වෙඩි තැබීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ගිනි අවි රැගෙන එන ගුරුවරුන්ට ප්‍රසාද දීමනාවක් ලබා දෙන බවයි. පසුව එය සියලු ගුරුවරුන් නොව, හමුදා පසුබිම ඇති හෝ විශේෂ පුහුණුවක් සහිත ගුරුවරුන් 20%ක් ලෙස නිවැරැදි කර තිබුණි.

මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අය අතර සබීකා ෂීක් (17) නමැති පාකිස්තාන හුවමාරු සිසුවියක සහ, සින්තියා ටිස්ඩේල් නම් ආදේශක ගුරුවරියක ද සිටින බව වාර්තා විය. ඇය ශිෂ්‍ය හුවමාරු ක්‍රමය යටතේ සැන්ටා ෆෙ පාසලේ අධ්‍යාපනය ලැබූ සිසුවියකි.

මෙම වෙඩි තැබීම සිදු කළ දිමිත්‍රියොස් පැගොර්ට්සිස්, 17 වැනි වියේ පසුවන්නෙකි. තම පියාට අයත් බලපත්‍ර සහිත රිවෝල්වරයක් සහ පතොරොම් තුවක්කුවක් ඔහු මේ සඳහා යොදා ගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();