Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙල්ලමුල්ලිවයිකාල් සහ අයියකච්චි සිසිල් පැන් දන්සල්

අවසන් මානුෂීය මෙහෙයුම පැවැති මුලතිවු, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස් පසුගිය දා (18) රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් සිවිල් වැසියන් සඳහා සිසිල් පැන් දන්සලක් පවත්වනු ලැබීය.

මේ සිසිල් පැන් දන්සල 68 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දුගේ මඟපෙන්වීම යටතේ එම භට පිරිස් විසින් 2009 වර්ෂයේ මැයි මස දක්වා පැවැති අවසන් මානුෂීය මෙහෙයුමේ දී මියගිය රණවිරුවන්ට පින් පිණිස හා ඔවුන් සමරනු වස් සංවිධානය කරන ලද අතර, ප්‍රදේශයේ විවිධ සැමරුම් උත්සව සඳහා පැමිණ සිටි ජනතාවට ද සිසිල් පැන් දන්සල භූක්තිවිඳීමට අවස්ථාව සලසා දෙන ලදි.

මීට අමතරව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වැනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ උපදෙස් මත එම සේනාංකය යටතේ ස්ථාපිත 552 වැනි බළසේනාවට අයත් 12 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වෙල්ලමුල්ලිවයික්කාල් සහ අනෙකුත් ප්‍රදේශයන්හිදී පැවැති විවිධ සැමරුම් උත්සවයන්ට සහභාගිවී නැවත යාපනය ප්‍රදේශය බලා වාහනවලින් ගමන් කරමින් සිටි සිවිල් වැසියන් හට අයියකච්චි ප්‍රදේශයේ දී කිරි බීම දන්සලක් පසුගිය දා (18) සංවිධානය කරන ලදි.

මේ වැඩසටහන 552 වැනි බළසේනාවේ සේවයේ නියුතු සියලු නිලයන්ගේ සහයෝගය ඇතිව රට වෙනුවෙන් දිවිපිදු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට පින් පිණිස හා ඔවුන් සමරනු වස් සංවිධානය කරනු ලැබීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();