
ඇමැති පාඨලී චම්පික රණවක
ප්‍රභාකරන් විරාභිවාදනයට ලක් කර නැවත වතාවක් ජනතාව අඳුරු අතීතයකට ගෙන යාමට ඉතා සුළු පිරිසක් අත්තනෝමතිකව ක්‍රියා කරමින් යන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති ජාතික හෙළ උරුම පක්ෂ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පැවැසිය.
එල්ටීටීඊ සංවිධානය වීරයන් ලෙස යම් අයෙක් නම්කරනවා නම් ඔවුන් එල්ටීටීඊ සංවිධානය කළ අපරාද වල වගකීම ගත යුතු බවද කීය.
ආරක්ෂක හමුදා රටේ ඒකීයභාවය හා නිදහස උදෙසා ක්‍රියාකිරීම සෑම අතින්ම යුත්කි සහගත මෙන්ම ඔවුන්ව කිසිදු පිරිසකට සම කළ නොහැකි බවද ඇමැතිවරයා මෙහිදී කිය.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා (18) ‘නිදහසේ විජයග්‍රහණයට වසර 09යි‘ මැයෙන් රත්මලාන මිහිඳු සෙත් මැඳුරේ පැවැති රණවිරු සත්කාරක වැඩසටහන හා රණවිරු අභිමන් හෙළ ඔසු උයන ආරම්ඹ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී සියලු රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනයක්ද පැවැත්වූ අතර දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් පින් අනුමෝදම් කිරීමද සිදු කළහ.
මැයි 18 දිනය ශෝක දිනයක් බවට පත් කළ යුතු බවට ඇතැම් අන්තවාදී,ජාතිවාදී පිරිස් පැවැසූවත් සැබැවින්ම එදින ශෝක දිනයක් නොවන බව හා මැයි 18 ජයග්‍රාහීන්ගේ දිනයක් බව ජාතික හෙළ උරුම ජ්‍යෙෂ්ඨ උපදේශක ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.
හමුදාපතිතුමාගේ අනුග්‍රහය මත මේ රණවිරු වැඩසටහන පවත්වනවා.මීට වසර නවයකට ඉහතදී අපට නව ඉරක් උදා වුණා නැවුම් බලාපොරොත්තු පිරි රටක් උදාවුණා.අප යුද්ධයට නොගියත් දශක ගණනාවක්ම ත්‍රිවිධ හමුදාව සමඟ,ජනතාව සමඟ සිටියා.මැයි 18 දිනය අපට ඓතිහාසික දිනයක් වෙනවා.බියෙන් සැකෙන් තොරව එදිනෙදා වැඩපළ කිරීමට හැකියාව ලැබුණේ අපට නිදහස ලැබුණු නිසා.වෙල්ලවයික්කාල් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රදවාගෙන සිටි ලක්ෂ තුනකට ආසන්න ද්‍රවිඩ ජනතාවට නිදහස ලැබුණේ මේ දිනයේදීයි.එලෙස බලහත්කාරයෙන් ජනතාව රදවා තබා ගැනිම ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව යුද අපරාධයක්.ආරක්ෂක හමුදා ඉතාමත්ම වගකීමෙන් යුක්තව එම පිරිස මුදා ගැනීමට කටයුතු කළා. විදේශයන්හි ජනතාව ප්‍රාණ ඇපයට තබා ක්‍රියා කරන විට එම රටවල ආරක්ෂක හමුදාවනට දැඩි පරිෂමයක් දැරීමට සිදු වුණා. විශාල වශයෙන් ජීවිත හානි සිදු වුණා.
මේ දිනය විශේෂයෙන් දෙමළ ජනයා සිහිපත් කළ යුතු වෙනවා.උතුරේ සිංහල මුස්ලිම් ජනතාවට ජිවත්වීමේ අයිතියක් නැති බවට පවසා එම ජනතාව ඝාතනය කර පන්නා දමන්නට ක්‍රියා කළා.අද බොහෝදෙනා අමතක කළත් උතුරේ අවසාන සිංහලයා ජීවත් වූයේ 1987 දීයි.
උතුරේ නැවත ගොඩනැගීම් සිදු කරනනේ ඇයිදැයි කිසිදු සිංහලයකු අසා නැහැ. අපේ ජනයා පන්නා දැමූ උතුරට මුදල් වෙන් කරන්නේ ඇයි දැයි කිසිවෙකු අසා නැහැ.අප සෑම දෙනාම උතුර ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළා. සාමය උදා වූ පසු නැවත ජනයා උතුරේ පදිංචියට ගිය විට සුහදතාවයක් පැවැතුණේ නැහැ.ගිය පිරිසගෙන් විශාල ප්‍රමාණයක් නැවැත හැරි පැමිණියා.රට පුරාම මේ නිදහස ලබා ගැනීමේ දිනය සැමැරිය යුතුයි.ජනයාගේ ආරක්ෂාව, ජීවත්වීමේ අයිතිය, ආගමික නිදහස නොමැතිව රටකට ඉදිරියට යා නොහැකියි.
උතුරේ ආර්ථිකය දකුණට එකතු වූයේ 2009 නිදහස උදා කරගත් නිසා.2010,11,12 කාලයේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වූයේ උතුර හා නැගෙනහිර ආර්ථිකය රටට එකතු වූ නිසා.මේ කාලයේදී අපේ රට ස්වයංපෝෂිත වූයේ උතුර නැගෙනහිර සහල් වෙළඳපළට ආ නිසා. යුද්ධය අවසන් කළ නිසා රට තුළ දේශපාලන නිදහස ඇති වූවා.
මේ රට තුළ එකදු දේශපාලන සිරකරුවකුවත් නැහැ.එල්ටීටීඊ සිරකරුවන් 65 දෙනෙකුට නඩු පවරා තියෙනවා. අපගේ ආරක්ෂක අංශවලත් විවිධ චෝදන්වලට වැරැදිකරුවන් වූ අය ඒ හා සමානවම සිටිනවා.මෙය සාධාරණව ඉටු වි නැහැ. නඩු පවරා ඇති එල්ටීටීඊ සැකකරුවන්ට වඩා දරුණු අපරාධ කළ එල්ටීටීඊ නායකයන් විශාල වශයෙන් 2010 දී අප නිදහස් කළා. අත්අඩංගුවේ සිටින ආරක්ෂක අංශවල පිරිස් එම වැරැදි පෞද්ගලික උවමනාවන්ට අනුව කළ ඒවා නොවේ.ඔවුන්ට ඉහළ පෙළේ අය ලබා දුන් අණ මතයි ක්‍රියා කළේ.යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් කතා කළ යුතු කාලයකට දැන් එළඹිලා තිබෙනවා.
ප්‍රභාකරන් සමඟ සාකච්ඡාවලින් ප්‍රශ්න විසදාගත යුතු බව කි අය,ප්‍රභාකරන්ට උපකාර කළ අය අද දේශප්‍රේමීන් වී තිබෙනවා.
ඕමල්පේ සෝභිත නාහිමියෝ-
මෙය සාමය උදාකළ දිනයක්.මේ දිනයේ දී ප්‍රීති ප්‍රමෝදවත් විය යුතුයි.ප්‍රීති විය යුත්තේ රටේ ජීවත් වන සියලුම ජනතාවයි. එල්ටීටීඊ සංවිධානය ක්‍රියා කළේ රටක් පෙරළීමට,රටක් විනාශ කිරීමට. ගම් පිටින් එල්ටීටීඊ සංවිධානය ඝාතනය කළා. බෝම්බ පිපිරෙව්වා. මෙහි සැබෑ තත්ත්වය තේරුම් ගෙන ලෝක ත්‍රස්තවාදී ලැයිස්තුවේ ප්‍රධාන ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කරනු ලැබුවා.ඇතැම් රටවල් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් නොවන බවට අදත් පවසනවා.
එල්ටීටීඊ සංවිධානයෙන් වැඩිපුරම හානි වූයේ ද්‍රවිඩ ජනතාවට. හබැවින් මැයි 18 දිනය ප්‍රධාන වශයෙන්ම සැමරිය යුත්තේ ද්‍රවිඩ ජනතාවයි.
මහා සංඝරත්නය,ආබාධිත රණවිරුවන් ,රණවිරුවන් සහ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
සඳුන් රමේෂ්
ඡායාරූප -රොෂාන් පිටිපන


0 Comments