Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආර්ථික හා වෙළෙඳ අර්බුදය ගැන චීනය හා ඇමරිකාව සාකච්ඡා අරඹයි

ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ අර්බුදය පිළිබඳව චීනය හා ඇමරිකාව සාකච්ඡා ආරම්භ කරයි. එම ද්වීපාර්ශ්වික සාකච්ඡා ඊයේ ( 15) සිට 19 වැනි දින දක්වා ඇමෙරිකාවේ දී පැවැත්වෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලු කං මහතා ප්‍රකාශ කළේ ය. මේ සඳහා චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ විශේෂ දූතයා වශයෙන්, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලියු හ මහතා එක්වනු ඇත. චීන - ඇමරිකානු ආර්ථික සංවාදයේ චීන පාර්ශවයේ වගකිව යුතු ඉහළම පෙළේ නිලධාරියා වන ලියු හ මහතා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ටෙර්නර් ම්නුචින් ප්‍රමුඛ ඇමරිකානු ආර්ථික කණ්ඩායම සමග ද්වීපාර්ශවික ආර්ථික හා වෙළෙඳ අර්බුදය පිළිබඳව සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

චීනයේ ZTE සමාගම ඇමෙරිකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපාර කටයුතු කඩිනමින් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් ඇමරිකාව හා චීනය එක්ව උත්සාහයක නිරතවී සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ සම්බන්ධව නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();