Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුපියල රැකගන්න මහ බැංකුව මැදිහත් වෙයි

Author(s): 
ජයසිරි මුණසිංහ

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අගය අඩුවෙමින් පැවැති රුපියලේ අගය රැකගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වී ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින අගය අඩුවෙමින් පැවැති රුපියලේ අගය රැකගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විනිමය වෙළෙඳ පොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 458.5 මුදලක් මිලදී ගෙන තිබේ.

රුපියලේ අගය අඩුවීම මැඩපැවැත්වීමට අවශ්‍ය මොහොතේ මැදිහත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත් ප්‍රකාශ කළහ. ඒ අනුව තමන් මේ මැදිහත්වීම සිදුකළ බවද ඔවුහු ප්‍රකාශ කළහ.

දැඩි ගෝලීය මූල්‍ය තත්ත්වයන් මධ්‍යයේ වූවද ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය වර්ධනය වෙමින් පවතින බවද පැවැසූ මහ බැංකු අධිපතිවරයා, මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල සියයට 3.1 කින් අවප්‍රමාණය වී ඇති බවද කීය.

ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ එක්සත් ජනපද ඩොලරය පුළුල් ලෙස ශක්තිමත් වීම නිසා අප්‍රේල් හා මැයි මාසවල ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වූ බවද අධිපතිවරයා පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();