වස විසෙන් තොර භෝග වගාවේ යෙදෙන ගොවීන්ට මුල්‍යමය ආධාරයක් ලබාදීමට කටයුතු කරන බවත් වස විසෙන් තොර වගාව ආපස්සට හැරවීමට තමා සූදානම් නැති බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේ ය.
වස විසෙන් තොර භෝග වගා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිලධාරින් සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
හිඟයකින් තොරව ගොවීන්ට අඛණ්ඩව පොහොර මිලදී ගැනීමට අවස්ථාව සලසාදීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ ය.
පසුගිය කාලයේ පැවැති නියඟය සහ ගං වතුර නිසා වී වගාව විනාශ වීමෙන් අස්වැන්න විශාල ලෙස අඩු විය. මේ නිසා පිටරටින් සහල් සහ වෙනත් භාණ්ඩ ආනයනය කිරීමටද සිදු විය.
නියඟයට මුහුණ පෑ ගොවි ජනතාවට රජය විසින් දුන් සහනවලට අමතරව රුපියල් මිලියන 37000 ක නියං සහනාධාරද ලබා දුන් බවද අමාත්‍යවරයා කීය.
අපට කාලගුණය වෙනස් කළ නොහැකි වුණත් වගාවන්ට අරපිරිමැස්මෙන් ජලය භාවිතා කිරීමට සහ ජලය අඩුවෙන් යොදා ගන්නා භෝග වර්ග වගා කිරීමට ගොවීන් දිරි ගැන්විය යුතු බවද පැවසූ අමාත්‍යවරයා, හිටපු කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා කෘෂිකර්මය නංවාලීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙළ තමා ඉදිරියට ගෙන යන බවද සඳහන් කළේය.
0 Comments