Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වන සම්පතෙන් මුදල් ගරන ජවාරම්වලට මගෙන් ඉඩක් නෑ

Author(s): 
විජයානි එදිරිසිංහ

දේශපාලන හෝ වෙනත් කිසිම බලවේගයක බලපෑම්වලට යටත් නොවි, ස්වාභාවික වන සම්පත හරහා විවිධ ජාවාරම් කරගෙන ගොස් කෝටි ගණන් මුදල් උපයන ලද විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් සමන්විත ජාවාරම්කරුවන්ගේ ජාලයට තවදුරටත් එවැනි විනාශයන් කිරිමට ඉඩ නොතබමින් සංචාරක මුවාවෙන් රක්ෂිත තුළට මත්පැන් සංගිත ගෙනයාම සම්පුර්ණයෙන් තහනම් කිරිමට පියවර ගන්නා බව වනජීවි තිරසර සංවර්ධන සහ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා මහතා පවසයි.

එම ජාවාරම් නවත්වන ලෙසට විවිධ ජනකොටස්වල මෙන්ම විද්වත් පිරිසගෙන්ද මේ වන විටත් ඉල්ලිම් ලැබෙමින් පවතින බව පවසන අමාත්‍ය සරත් ‍ෆොන්සේකා මහතා ඒ ඔස්සේ රට තුළ සිදුවු ඇත්දළ ජාවාරම, ගස් කපා විකිණීමේ ජාවාරම සත්ත්ව දඩයම, මත්ද්‍රව්‍ය, මත්පැන් , අලිපැටවුන් සොරාගෙන යෑම ඇතුළු විවිධ ජාවාරම් රැසකට තිත තැබෙන බවත් පවසයි.

මෙම ජාවාරම් එක් පුදගලයකු හෝ සුළු පිරිසක් සම්බන්ධ වි සිදු කරන දේවල් නොවේ. ඇත්දළ ජාවාරම වැනි ජාවාරම් සිදු කෙරෙන්නේ ඒවා විකිණිමට ඉහළ පෙළේ පිරිස්ද සහභාගි කරවාගෙනයි පසු ගිය දින දෙක තුළදීද ඇතුන් දෙදෙනකු ඝාතනය කර ඇත් දළ කපා ඇති බව පෙන්වා දෙන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා තවදුරටත් මෙවැනි අපරාධ සිදු විමට ඉඩ නොතබන බවද කියා සිටියේ.ය

ඒ අතර ගැමි ජනතාවට ඇති වන අලි තර්ජනයට ස්ථිර විසදුමක් ලබා දිම තමා අමාත්‍යාංශය බාර ගැනිමෙන් පසු සිදු කරන කර්ත්‍යන්වල අංක එකට තබන බවත් එම ගැටලුවෙන් ගැමි ජනතාවට සහනයක් ලබා දිමට කටයුතු කිරිම වර්තමාන රජයේ විශාල වගකිමක් බවද පොන්වා දෙයි.

ඒ අතර විල්පත්තු වන විනාශය සම්බන්ධව අදහස් ඉදිරිපත් කළ අමාත්‍යවරයා එම කටයුත්ත පිළිබද සොයා බලා සාකච්ජා කර එම ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලබා දිමට කටයුතු කරන බවත් මේ සැම ගැටලුවක්ම මේ රජයෙන් ඇති වු ඒවා නොව පසු ගිය රජය කාලයේ එවැනි දේ සිදුවන තෙක් නිහඩව සිට ඇති වු ඒවා බවත් ඒවා පිළිබදව සොයා බළා ස්ථිර සුදුසු පිළියමක් යෙදිමට කටයුතු කරන බවත් කියා සිටියේය..

අමාත්‍යවරයා මේ තොරතුරු හෙළිදරව් කළේ අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ වැඩ බාර ගැනිමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ජාවේදිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();