කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඔස්ට්‍රියාවේ වියානා නුවර ලුග්නා සිටි මධ්‍යස්ථානයේ පැවැති 9වැනි ජාතයන්තර කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 100 බර පන්තියේ රිදී පදක්කම දිනා ගත්තේය. මෙහි රන් පදක්කම ඔස්ට්‍රියානු ජාතික ස්ටෙෆාන් වොටෝවාට හිමි විය.
ශ්‍රී ලංකා කායවර්ධන ශූරයෙකු යුරෝපීය රටකදී දිනාගත් පළමු කායවර්ධන පදක්කම මෙය ලෙස සටහන් විය. මෙයට පෙර ඔහු ආසියා කායවර්ධන ශූරතාව ද දිනා ගැනීමට සමත් විය. ලූෂන් පුෂ්පරාජ් තහනම් උත්තේජක භාවිතය සම්බන්ධව ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය සමග මතභේද රැසකට මුහුණදුන් ක්‍රීඩකයෙකි.


0 Comments