ලෝකයේ පාවෙන ලොකුම රෝහල් නෞකාව වන අමෙරිකා එක්සත් ජනපදයට අයත් "යු.එස්.එන්.එස්.මර්සි" (ටි.ඒ.එච්.19) නැමැති නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වී තිබේ.
අංග සම්පුර්ණ ශල්‍යාගාර 12කින් හා ඇදන් 1000කින් යුත් මෙම රෝහල් නෞකාව තුළ සි.ටි.ස්කෑන් යන්ත්‍රයක්, හදිසි අවස්ථාවකදි ගොඩ බැස්සවිම සඳහා ඉඩකඩ සහිත හෙලිකොප්ටර් අංගනයක් නෞකාව සතු වේ.ඩිජිටල් විකිරණ සේවා , රසායනාගාර සේවා, ඔසු සලක්, අක්ෂි රසායනාගාරයක්ද මෙම නෞකාවේ තිබේ. ලබන මැයි 08දා දක්වා ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබෙන කාල සිමාව තුළ පාසල්වල වෛද්‍ය කඳවුරු ඇතුළු සමාජ සත්කාර සේවාවන් රැසක් පැවැත්විමට මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය සුදානම්ව සිටි.
ත්‍රිකුණාමලය විශේෂ
0 Comments