ත්‍රස්තවාදය පරදා ලක්වාසී සියලූ ජනතාවට නිදහස් නිවහල් රාජ්‍යයක් උදා කර දීමට දිවි හිමියෙන් සටන් වැදුණු වීරෝදාර රණවිරුවන් සමරා වාර්ෂිකව පැවැත්වෙන රණවිරු සැමරුම මෙවර ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අබියසදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි. මෙහිදි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ සියලූ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිරිනැමීය.
ඡායාරූපය : ජනාධිපති මාධ්‍ය අංශය


0 Comments