ඉන්දුනීසියාවේ සුරබායා හි පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඉන් මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මේ දක්වා අනාවරණය වී නොමැති බවට ඉන්දුනීසියානු බලධාරීහු ප්‍රකාශ කරති.
ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරබායා හි ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් පෙරේදා (13) බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවූ අතර, ඉන් පුද්ගලයන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම බෝම්බ ප්‍රහාරයන්හි වගකීම අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබෙන අතර එම ප්‍රහාරවලින් පුද්ගලයින් 40 දෙනකු පමණ තුවාල ලබා තිබේ. 2005 වසරින් පසුව ඉන්දුනීසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ද මෙය වෙයි.


0 Comments