බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකානු නිළි මේගන් මර්කල්ගේ විවාහයට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජන නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබේ.ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී එළඹෙන 19 දා පස්වරු 1.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30) පැවැත්වීමට නියමිතව ඇත. බ්‍රිතාන්‍ය නීති ප්‍රකාරව හැරී – මෙගන් විවාහය සිදුකිරීමට නම් මහ රැජනගේ නිල අනුමැතිය ලබාගත යුතුවන අතර එසේ නොවුවහොත් ඔවුන් දෙදෙනාගේ දරුවන්, රජකමට උරුමකම් කීමට සුදුසුකම් නොලබනු ඇත.
හැරී – මේගන් රාජකීය විවාහ මංගල උත්සවය සඳහා දේශපාලන නායකයන් කිසිවකුට ආරාධනා නොකිරීමට තීරණය කර ඇති අතර අමුත්තන් 1,200 දෙනකුට පමණ ආරාධනා කර තිබේ.
කෙසේ වුවද 2007 වර්ෂයේ මැන්චෙස්ටර් ඇරේනා ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක මෙම රාජකීය විවාහයට ඇරයුම් ලබා සිටීම විශේෂත්වයකි. එංගලන්තයේ වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ සිය විවාහ මංගල්‍යය පැවැත්වීමට බොහෝ රාජකීයයෝ කැමැත්තක් දක්වන අතර එය වසර 150ක් පුරා පැවත එන සම්ප්‍රදායකි. හැරී කුමරු සහ මෙගාන් වින්ඩ්සර් මාලිගයේ දී විවාහප්‍රාප්ත වන 16 වැනි රාජකීය යුවළ ලෙස හැරී - මේගන් ඉතිහාසියට එක්වෙති.
මැයි මස 19වැනිදා මධ්‍යහ්න 12ට ඇරැඹෙන දේව මෙහෙය පැයක් පුරා පැවැත්වීමට නියමිතව තිබෙන අතර එයට සහභාගි වන්නේ විශේෂ අමුත්තන් පමණි. අනතුරුව වින්ඩ්සර් මාලිගා භූමියට හැරී හා මෙගාන් යුවල තවත් ආරාධිතයන් 2640කට ආරාධනා කර තිබෙන අතර ඉන් වැඩි දෙනෙක් ග්‍රාමීය ප්‍රභූවරුන්ගේ කාර්ය මණ්ඩල මඟින් නම් කරන ලද අමුත්තෝ, පුණ්‍යාධාර හා වෙනත් සංවිධාන නියෝජිතයෝ, ග්‍රාමීය පාසල් සිසුහු හා වින්ඩ්සර් මාලිගා වෙනත් රාජකීය මාලිගාවල සාමාජිකයෝ වෙති.
එංගලන්තයේ වරින්වර ත්‍රස්ත ප්‍රහාර කීපයක්ම සිදුවීම හේතුවෙන් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති අතර විවාහ මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ස්කොට්ලන්ඩ්යාඩ් නිලධාරීන් 3,000ක් හා එංගලන්ත හා වේල්සයේ පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ද යොදවා ඇත.


0 Comments