සංචාරක ආකර්ෂණයක් සහිත ශ්‍රී ලංකාවට මැද පෙරදිග සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
මේ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන අතර පසුගිය 2017 වසරේ දී සවුදි අරාබියාවෙන් පමණක් සංචාරකයන් 35,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.
සෞදි අරාබියාව පමණක් නොව මැද පෙරදිග කලාපයේ සෙසු රටවල සංචාරකයන් ද ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තිබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වනු ඇති බවද සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් සෞදි අරාබියාවේ රියාද් නුවර දී සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කළ බවද ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ නිරතවන්නන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙන බව කී ඇමැතිවරයා මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ඉතාම සාර්ථක වූ බවද කියාසිටී. ඒ අනුව මැද පෙරදිග කලාපයේ සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර මෙය මෙරට සංචාරක ක්ෂේත්රයට වාසිදායක තත්ත්වයක් බවද හෙතෙම පෙන්වාදෙයි.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සංචාරකයන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බවද ජෝන් අමරතුංග මහතා පවසයි.
0 Comments