Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන් බිස්කට් තොගයක් මෙරටට ගෙනා ඉන්දියානුයානුවෝ 4ක් දැලේ

වටිනාකම කෝටියකට වැඩියි

නීති විරෝධීව රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් සිව් දෙනෙකු කටුනායකදී ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී කිලෝ එකයි ග්‍රෑම් 66ක් බරැති රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම රන් තොගයේ වටිනාකම එක්කෝටි දහතුන්ලක්ෂ 72000ක් පමණ වන අතර ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් සිදුකළ පරීක්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි ඉන්දියන් ජාතික පුද්ගලයන් සිවුදෙනෙකු තම ඇඳුම් අතර සූක්ෂම ලෙස සඟවා මේ රන් බිස්කට් තොගය ගෙනැවිත් ඇත.

ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය සිදුකළ පරීක්ෂාවකදී සැකකරුවන් සතුව තිබූ රන් බිස්කට් 16ක් සොයා ගෙන ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඔවුන්ට රුපියල් ලක්ෂ හයක දඩ මුදලක් නියම කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයලත් මහතා සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();