Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එළවළු ගොවීන්ගේ අස්වැන්න මිල දී ගැනීම ඇරැඹේ

උඩරට ඇතුළු පොළොන්නරු, දඹුල්ල, අනුරාධපුරය ආදී බහුලව එළවළු වැවෙන ප්‍රදේශවල ගොවි ජනතාවගේ බරපතළ ගැටලුවක් බවට පත්ව තිබූ තම අස්වැන්න විකුණා ගැනීමේ ප්‍රශ්නයට ක්ෂණික විසැඳුමක් වශයෙන් ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් එම අස්වැන්න ගොවීන්ගෙන් මිලදී ගැනීම විශාලතම වෙළෙඳ ආයතන දෙක වන කීල්ස් සහ කාගීල්ස් ෆුඩ් සිටි විසින් අරඹා ඇත.

එළවළු ගොවීන්ගේ මේ ගැටලුව පිළිබඳව පසුගිය දින ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ රැස්වීමක් පැවැත්විණි. එයට ජනාධිපති ලේකම්වරයාත් ඊට අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ දිසාපතිවරු සහභාගී වූහ. මෙහි දී ඇමැතිවරයා මේ ගැටලුව පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළේය. මේ ගැටලුවට දිසාපතිවරුන් ක්‍රියා කළ යුතු ආකාරය, ඊට අවශ්‍ය උපදෙස් හා පිළියම් ද ඇමැතිවරයා විසින් ලබා දෙන ලදි. මේ අතරතුරම ලංකාවේ ප්‍රධානම වෙළෙඳ ජාල වන කීල්ස් සහ කාගීල්ස් ෆුඩ් සිටි ප්‍රධානීන්ට ඇමැතිවරයා කතා කොට එළවළු ගොවීන්ගේ අස්වැන්න මිල දී ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව මේ ආයතන ගෙවීන්ගේ අස්වැන්න මිලදී ගැනීම අරඹා ඇත. තම අස්වැන්න විකුණා ගත නොහැකිව එළවළු ගොවියා මුහුණ දුන් බරපතළ ගැටලුවට මේ අනුව කඩිනම් හා සාර්ථක විසැඳුමක් ලැබී ඇත. ගොවීන්ගේ මේ ප්‍රශ්න පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වන ලෙස අදාළ ලේකම්වරුන්ට හා දිසාපතිවරුන්ට ඇමැතිවරයා උපදෙස් ද ලබා දී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();