Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වර්ෂාව සමග එළවළු මිල යළි ඉහළ යයි

වෙළඳපොලේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය පවසයි.

එහි කළමණාකරණ භාරය සඳහන් කළේ මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ එළවළු මිල ගණන් සියයට 40 කින් පමණ මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

කැරට්, බෝංචි, ගෝවා, මාළු මිරිස් ආදී එළවළු කිලෝග්‍රෑමයක තොග මිල මේ වනවිට රුපියල් 70 ත් 90 ත් අතර මිලක පවතියි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙතට යළිත් වරක් වට්ටක්කා තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් අලෙවි කරගත නොහැකිව අපතේ යන බව ද සඳහන්.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා කිලෝවක් තවදුරටත් අලෙවි වන්නේ රුපියල් 10 ත් 15 ත් අතර මිලකටයි.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();