Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති දියගම පිටිය බලන්න යයි

ක්‍රීඩා, පළාත් පාලන හා පළාත් සභා ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා දියගම ක්‍රීඩාංගණයේ ඉදිකරීම් හා සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට පෙරේදා එක් විය.

ක්‍රීඩාංගණයේ ඉදිකරීම් භාර නිලධාරීන් විසින් ඉදිරි වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූවේය. නිරීක්ෂණවලින් අනතුරුව ඇමැතිවරයා පැවැසූවේ ක්‍රීඩා තරග හා පුහුණුවීම සඳහා ඉතා කඩිනමින් ඉදිකිරීම් කටයුතු නිමා කර ගැනීමට අමාත්‍යාංශයේ සහය ලබාදීමට සූදානම් බවයි.මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එච්.ඒ.එන්.ඩී අබේරත්න මහත්මිය, ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉන්ජිනේරු ඩී.ආර්.ඒ.ගොඩමුන්න, ව්‍යාපෘතියේ ඉදිකිරීම් හා සැළසුම් භාර මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය මහාචාර්ය ලලිත් ද සිල්වා, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ව්‍යාපෘතිය භාර නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();