Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස් වර්ජනයට ලංගම මුහුණ දීමට සූදානම්

කිසියම් ආකාරයෙන් බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන පැවසීය.

මේ වනවිට සියලුම බස්රථ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රාදේශීය කාර්යාලවලට දන්වා ඇතැයි ද සභාපතිවරයා සදහන් කළේය.

දෛනික මඟී කාලසටහන අනුව නොව මඟි අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට එක් කරන ලෙස ද අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් ලබාදී ඇත.

ඉන්ධන මිල වැඩීවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරි පත් වූ අතර බස් ගාස්තුව 6.56%කින් සංශෝධනය කිරීමට අනුමැතිය හිමි විය. මෙම වැඩි වීම ප්‍රමාණවත් නොවන බව බස් සංගම් ප්‍රකාශ කර ඇති අතර බස් සංගම් විසින් වර්ජනයක් ද ක්‍රියාත්මක කරන බව මේ වනවිට මාධ්‍ය මඟින් ප්‍රකාශ කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();