44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා ස්ටෑන්ඩඩ් පාපැදි ශූරතාව ඉතිහාසයේ පළමු වරට උතුරු පළාත දිනාගත් අතර අනු ශූරතාව නැඟෙනහිර පළාත දිනා ගත්තේය. වසර ගණනාවකට පසුව උතුරු නැඟෙනහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වැඩි සහභාගීත්වයක් පෙන්නුම් කරමින් මේ ජයග්‍රහණ අතරට පිවිසීම විශේෂත්වයකි. කාන්තා ස්ටෑන්ඩඩ් හා රේසිං තරගයේ දෙවැනි ස්ථාන මෙවර උතුරු - නැඟෙනහිර පළාතේ ක්‍රීඩිකාවෝ සතු වූහ.
කාන්තා රේසිං තරගයේ ජය බස්නාහිර පළාතේ එස්. පී. සුලෝචනා පැය 1: 39. 42කින් හා පිරිමි රේසිං තරගයේ ජය වයඹ පළාතේ ඩබ්ලිව්. දර්ශන ප්‍රසාද් පැය 3: 14. 57 කින් දිනා ගත්හ. කාන්තා ස්ටෑන්ඩඩ් තරගයේ ජය බස්නාහිර පළාතේ ඒ. එන්. මධුරංගී පැය 1: 52. 25කින් හා පිරිමි ස්ටෑන්ඩඩ් තරගයේ ජය වයඹ පළාතේ සිසිර කුමාර පැය 3: 36. 18 දිනා ගත්හ.
කාන්තා රේසිං සමස්ත ශූරතාව බස්නාහිර පළාත, අනු ශූරතාව වයඹ පළාත, පිරිමි රේසිං ශූරතාව වයඹ පළාත හා අනු ශූරතාව බස්නාහිර පළාත දිනා ගත්හ. කාන්තා ස්ටෑන්ඩඩ් සමස්ත ශූරතාව උතුරු පළාත අනු ශූරතාව උතුරු පළාත. පිරිමි ස්ටෑන්ඩඩ් සමස්ත ශූරතාව බස්නාහිර පළාත හා අනු ශූරතාව උතුරු මැද පළාත දිනාගත්හ.
ජාතික මහා ක්‍රීඩා උළෙලේ රේසිං හා ස්ටෑන්ඩ පාපැදි තරග පුත්තලමේදී ඊයේ නිමාවට පත්වූ අතර පිරිමි තරග පුත්තලම සිට වාරියපොලින් හැරී නැවැත පුත්තලමට කිලෝමීටර් 129ක් හා කාන්තා තරග පුත්තලමේ සිට ආනමඩුවට ගොස් නැවැත පුත්තලමට කිලෝමීටර් 52ක දුරකින් යුක්ත විය.
පාපැදි තරගවලදී ආධාරකරුවන්ගේ යතුරුපැදි හා වාහන ක්‍රීඩකයන් පිටුපසින් ධාවනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ගත් තීරණය ක්‍රියාත්මක කරමින් මේ තරග පැවැත්විණි. නව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව තරගයට සහභාගි වන සෑම ක්‍රීඩකයෙකුටම සමාන අයුරින් ආධාර උපකාර ලබා ගැනීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.
තරග ප්‍රතිඵල මෙසේය:
කාන්තා රේසිං ජය : 1. එස්. පී. සුලෝචනා පැය 1: 39. 42 (බස්නාහිර), 2. මනෝමී කුමාරී බණ්ඩාර පැය 1: 39. 42 (නැඟෙනහිර), 3. දිනේෂා දිල්රුක්ෂි පැය 1: 45. 02 (වයඹ), 4. ශාලිකා දිල්හානී පැය 1: 45. 02 (බස්නාහිර), 5. සුදාරිකා ප්‍රියදර්ශනී පැය 1: 45. 02 (වයඹ)
පිරිමි රේසිං ජය : 1. ඩබ්ලිව්. දර්ශන ප්‍රසාද් පැය 3: 14. 57 (වයඹ), 2. එල්. ඩී. නයනජිත් පැය 3: 15. 55 (දකුණ), 3. පැතුම් සම්පත් පැය 3: 16. 47 (උතුරු මැද), 4. සජිත් හසන්ත පැය 3: 17. 48 (බස්නාහිර), 5. මධුෂාන් ද සිල්වා පැය 3: 17. 55 (බස්නාහිර)
කාන්තා ස්ටෑන්ඩඩ් ජය: 1. ඒ. එන්. මධුරංගී පැය 1: 52. 25 (බස්නාහිර), 2. බී. තනූෂුජන්තනී පැය 1: 52. 25 (උතුර), 3. එම්. එන්. එස්. වීරසිංහ පැය 1: 52. 25 (නැඟෙනහිර), 4. ඉනෝකා චාන්දනී පැය 1: 52. 25 (උතුරු - මැද), 5. එස්. පී. එන්. නිරෝෂණී පැය 1: 52. 25 (උතුරු - මැද)
පිරිමි ස්ටෑන්ඩඩ් ජය: 1. සිසිර කුමාර පැය 3: 36. 18 (වයඹ), 2. වසන්ත හරිස්චන්ද්‍ර පැය 3: 36. 18 (බස්නාහිර), 3. එම්. එස්. විතානගේ පැය 3: 36. 18 (ඌව), 4. රොෂාන් විජේසූරිය පැය 3: 39. 34 (වයඹ), 5. නිපුන් විමුක්ති පැය 3: 36. 18 (උතුරු - මැද)


0 Comments