Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැන් ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ යාළුවොද? ඒ මිනිස්සු වයසට ගියාම සලකන්නේ යාළුවොද?

මැරිලා තියෙන්නේ ආනන්ද වෙඩිසිංහ වගේ සුපිරි ගණයේ ධාවන ශූරයෙකුත් නෙවෙයි!

ලක්ෂ 3හ මාරක බයික් එකකින් ඉස්සරහ රෝදය උස්සපු කොල්ලෙක්.

වටේ ඉන්න මිනිස්සුන්ගේ විසිල් එකට ඉස්සරහ රෝදේ ඉස්සුනාට, පස්සේ රෝදේ ලිස්සපු දවසට තමයි තේරුම් යන්නේ විසිල් වදින්නේ ඉස්සරහ රෝදේ ඉස්සෙනකල් විතරයි කියලා..

ලක්ෂ 3නේ බයික් එකෙන් තරුණ වයස් වල ගැටයෝ යකඩ හීන කියලා ඔච්චර කැටයම් කපනවනම්, කෝටි 10යේ 15වේ වාහන වල යන ධම්මික පෙරේරා කැටයම් කපන්න ඕන තනි රෝදෙන් ගිහින්..

හැබයි යකඩ හීන කියන්නේ ධම්මික පෙරේරලා වගේ සල්ලි පස්සේ දුවන හීන වලට මිසක් අම්මා අරන් දුන්නු බයික් එකේ ඉස්සරහ රෝදය උස්සන එකට නෙවෙයි.

මේ වගේ මානසික තත්ත්වයන් වලට මූලිකම බලපෑම අධ්‍යාපනය නොවෙයි. මෙයට ඍජුවම බලපානු ලබන්නේ ආශ්‍රය කරන සමාජයයි.මෙවැනි ක්‍රියාවන් 100%ක්ම වැරදි ලෙස හන්වඩු ගසනවාද නොවෙයි. නමුත් මේවාට ඇබ්බැහි වන්නේ තුන්වන පන්තියේ, අඩු ආදායම්ලාභී පවුල් වල දරුවෝ.. දරුවන්ගේ ආසාව නිසා අමාරුවෙන් ගෙවීමේ ක්‍රමයට අරන් දෙන ලක්ෂ 3නේ බයික් එකෙන්, ලක්ෂ 20සේ බයික් එකෙන් කරන සෙල්ලම් ටික දාන්න අමාරුයි.

වටේ පිටේ මිනිස්සුන්ට නොමිලේ ආතල් දෙන්න ගිහින්, අත පය කඩාගෙන අම්මා තාත්තගේ පර්ස් එකට කෙලවන එකට කියන්නේ යකඩ හීන කියලානම් උඹ ඒක කරපන්.

අද උඹට තේරෙන එකක් නෑ. මිනිස්සුන්ට නිකන් පෙන්වන දේවල් වල වටිනාකමක් නෑ. මිනිස්සු ඒවට වටිනාකමක් දෙන්නෙත් නෑ. උඹ නිකන්ම නිකන් රස්තියාදුකාරයෙක් විතරයි සමාජයට.

හැබයි උඹ සල්ලි වලට බයික් එකේ සෙල්ලම් පෙන්වනවනම් උඹ හරි. එතකොට ඒක උඹේ වෘත්තිය. කාගෙවත් වෘත්තියක් නවත්වන්න කියන්න කාටවත් අයිතියක් නෑ.

සමාජයෙන් මේ සිදුවීමට අනිසි ජනප්‍රියත්වයක් ලබා දෙනවා දැක්කා. ඒකයි මේ කරුණු ටික මුදා හරින්න හිතුවේ.

යාළුවෝ ලොකුයි තමයි. හැබයි යාළුවෝ උඹ එක්ක ඉන්නේ හත් දවසේ බණ වෙනකල් විතරයි. පිලිගන්න අකමැති වුනත් ඒක තමයි ඇත්ත..

අනිත් වැදගත්ම දේ තමයි,

උඹේ අම්මටයි, තාත්තටයි ඉන්නේ උඹ විතරක්නම්, ගොඩක් වෙලාවට ඒ මිනිස්සු එක දරුවෙක් හදන්නේ උඹට තියෙන ආදරය බෙදන්න අකමැති නිසා.නැත්නම් උඹට තියෙන දේපල බෙදන්න අකමැති නිසා..

ඒත් උඹ ඒ මිනිස්සු පැත්තකින් තියලා හන්දියෙන් ඇහුන විසිල් එක තෝරගත්තා. දැන් ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ යාළුවොද? ඒ මිනිස්සු වයසට ගියාම සලකන්නේ යාළුවොද? ඒ මිනිස්සුන්‍ට බෙහෙත් ටික අරන් දෙන්නේ යාළුවොද? ඒ මිනිස්සුන්ට රෙදි කෑල්ලක් අරන් දෙන්නේ යාළුවොද? ඒ මිනිස්සු පන්සලකට එක්ක යන්නේ යාළුවොද?

මේක දැම්මේ ඔළුවක් තියෙන එකෙක් හරි හැදෙයි කියලා.. (මල ගෙදර බයික් වලින් ගියපු උන් මේකට බැනලා කමෙන්ට් කරන්න එපා. තව එකෙකුට වෙන්න කලින් දැම්මේ)

පුළුවන්නම් හැදියන්!
නැත්නම් මැරියන්!

උපුටා ගැනීමකි

1 2 3

4 5

6 7

8 9



from Gossip Lanka News & Video https://ift.tt/2juMkgw
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();