මහනුවර, පසුගියදා සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සැකකරුවන් පූජාපිටිය - අඹතැන්න - කහවත්ත ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ පුද්ගලයින් තිදෙනා පූජාපිටිය - අඹතැන්න - වෙලේ කඩේ ප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පිරිසක්.
සැකකරුවන් 21, 22 සහ 55 ක් වන අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පූජාපිටිය පොලීසියට භාරදීමට නියමිතයි.
0 Comments