Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බත්තරමුල්ලේ රණවිරු සැමරුම ‍ජනපති-අගමැති ප්‍රධානත්ව‍යෙන්

Author(s): 
විජයානි එදිරිසිංහ

දරුණු ත්‍රස්තවාදය පරදා මේ ‍‍රටේ සාමය සංහිඳියාව සහ ජාතික ආරක්ෂාව තහවුරුවී වසර නවයක් ගත වන අද දින එම නිදහස ලබා දීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ රණවිරුවන් සිහිපත් කර ඔවුන් වෙනුවෙන් ජාතියේ ගෞරවය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙයි.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, පොලිස්පති ඇතුළු මැති ඇමැතිවරුද රජයේ සහ සෙ‍සු ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙයි

මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් ද රණවිරු උත්සව පැවැත්වෙන අතර, රණවිරු සේවා අධිකාරිය විසින් ද උත්සව ගණනාවක් රටපුරා දියත් කරනු ලැබුණි. රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරන රණවිරු සැමරුම් උත්සවය එම රණවිරු ස්මාරකය අභියසදීම අද පැවැත්වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();