ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී කාසියේ වාසිය උරගා බැලීමේ සම්ප්‍රාදය ඉවත් කර ඒ වෙනුවට තණතීරුව පරික්ෂා කර බැලීමෙන් පසුව පළමුව පන්දුවට පහරදීම හෝ පළමුව පන්දු යැවීම තෝරාගැනීම ආගන්තුක කණ්ඩායමට පිරිනැමීම කෙරෙහි ජගත් ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුවී තිබේ.
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ලබන වසරේ පැවැත්වෙන ‘අළු බඳුන‘ තරගාවලියත් සමග ඇරැඹෙන නව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේදී කාසියේ වාසිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන යෝජනාව පිළිබඳව ජගත් ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුව මේ මස අවසානයේදී සාකච්ඡා කිරීමට නියමිතය.
කවුන්සලයේ මේ සැලසුම යථාර්ථයක් බවට පත්වුවහොත් ලබන ග්‍රීෂ්මයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘අළු බඳුන‘ තරගවලදී පළමුව පන්දුවට පහරදීම හෝ පළමුව පන්දු යැවීම තෝරා ගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට හිමි වනු ඇත.
ටෙස්ට් ශූරතාවලියේදී කණ්ඩායම්වලට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද කමිටුව සාකච්ඡා කිරීමට නියමිතය. එහිදී තරගමාලාවේ ජයග්‍රහණය මෙන්ම එක් එක් තරග ජයග්‍රහණ වෙනුවෙන්ද ලබා දෙන ලකුණු ප්‍රමාණය කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි පැවසේ. මේ තීරණය ගෙන ඇත්තේ කණ්ඩායමක් තරගමාලාවක් ජය ගෙන තිබියදීත් එම තරගමාලාවේ ඉතිරිව තිබෙන තරගයටද සාධාරණයක් ඉටු කිරීමේ අරමුණෙනි.
කාසියේ වාසිය අතුගා දැමීම කෙරෙහි සැලකිල්ල යොමු වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ සත්කාරකත්වය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රශ්නයක් වී තිබීමය. ටෙස්ට් තරගමාලාවකදී සත්කාරක රට ඔවුන්ගේ කණ්ඩායමට වාසි වන අයුරින් තණතීරු සකස් කිරීම කවුරුත් දන්නා කරුණකි.


0 Comments