Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බීච් වොලිබෝල් විවෘත ශූරතා යුද-නාවික හමුදා දිනා ගනිති

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සී/ ස මැකී ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධාන කළ ‘සන්ක්වීක්‘ ජාතික බීච් වෝලිබෝල් විවෘත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ ටිරෝන් හා සනුජ සතුකර ගත්හ. එහි විවෘත අංශයේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරිකා හා කසුනි දිනා ගත්හ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉදිකළ නවතම බීච් වොලිබෝල් ක්‍රීඩා පිටියකදී මෙම අවසන් තරග පෙරේදා පැවැත්වුණි.

විවෘත කාන්තා හා පිරිමි අවසන් තරගවලට යුද - නාවික - ගුවන් හමුදා කන්ඩායම්වලින් කණ්ඩායම් තේරී පත්ව සිටි අතර 21න් පහළ පිරිමි අවසන් තරගයට දවිසමර කණ්ඩායම හා 21න් පහළ කන්තා අවසන් තරගයට ගලිගමුව ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටියහ.

විවෘත පිරිමි අවසන් තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුබුදු - සංජීව යුගලය 15- 21, 21 – 16, 15 – 13ක් හා 15 – 11ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ටිරෝන් හා සංජීව වෙතින් පරාජය වූ අතර විවෘත කාන්තා අවසන් තරගයේදී නාවික හමුදාවේ සාගරිකා - කසුනි යුගලය වෙතින් 21- 14 හා 21 – 06ක් ලෙස යුද හමුදාවේ චතුරිකා හා තමරා කුමාරී පරාජය වූහ.

21න් පහළ පිරිමි අවසන් තරගය දවිසමර කණ්ඩායමේ අශේන් - කවිදු හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිහිරංග - රොහාන් අතර පවත්වා ලකුණු 12 – 21, 21 – 19, 10 – 15 හා 15 – 17ක් ලෙස ගුවන් හමුදාව ජය අත්කර ගත්තේය. එහි කාත්නා අවසන් තරගය ගුවන් හමුදාවේ අසංගා - ප්‍රියමාලී සමග ගලිගමුව ක්‍රීඩා සමාජයේ ලක්මාලී - සේනාරත්න අතර පවත්වා ගුවන් හමුදාව 17 – 21, 21 – 17 හා 15 – 09ක් ලෙස ජය තහවුරු කර ගත්තේය.

ජාතික බීච් වොලිබෝල් ශූරතාවලියට මෙවර කණ්ඩායම් 112ක් සහභාගී වී සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();