Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙළෙඳ සේවා ‘එෆ්‘ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය - ප්‍රබල කණ්ඩායම් 28ක් කුසලානය හඹා යති

Author(s): 
ගීෂා මුණසිංහ

කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන වෙළෙඳ සේවා ‘එෆ්‘ කාණ්ඩයේ ඕවර 25 ක්‍රිකට් තරගාවලියට ප්‍රබල කණ්ඩායම් 28ක් එක්වී සිටී. ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් මහා තරගය ජූලි මස 14 දා පැවැත්වෙන අතර ශූරයන්ට ෆෙයාර්ෆස්ට් අභියෝගතා කුසලානය හිමිවනු ඇත.

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධාන කරන මේ තරගාවලියේ මූලික තරග කාණ්ඩ 4ක් යටතේ දැන් පැවැත්වෙන වෙයි. මෙහිදී පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 බැගින් අවසන් 16 දෙනාගේ තරගාවලියට එක්වනු ඇත. එම තරග ජූනි මස 30 වැනිදා නිමාවට පත්වීමෙන් පසුව අර්ධ අවසන් පූර්ව වටය පැවැත්වෙයි. අවසන් මහා තරගය ජූලි මස 14දා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

පළමු කාණ්ඩය යටතේ ඇන්සෙල් ටෙක්ස්ටයිල්, ඊ.බී. ක්‍රීසී, ඒෂියා කැපිටල්, බ්‍රැන්ඩික්ස් එ‍සෙන්ෂල්ස් ‘බී, පල්ලියගුරුගේ සමුහ ව්‍යාපාරය, සොෆ්ට්ලොජික් ලයිෆ් හා ඒ.එම්.ඩබ්ලිව්.පිල තරග වදියි. එච්.එන්.බී. ‘බී.’ පිල, ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස්, යුනයිටඩ් ටුබැකෝ, එස්.ඒ.ජී.ටී, ටෙක්නෝමෙඩික්ස්, මාස් ක්‍රීඩා (මාස් ඇක්ටිව් ‘සී’) හා කෝටූල්ඩ්ස් ක්ලෝතින් කණ්ඩායම් දෙවැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කරයි.

තුන්වැනි කාණ්ඩය යටතේ ලයන් බෲවරී, යුනියන් බැංකුව, ඊ-විෂ්, හිල්ටන් කළම්බු, එලායන්ස් රක්ෂණ සමාගම, රෙග්නිස් ඇප්ලියන්ස්, හා සියම් සිටි සිමෙන්ට් කණ්ඩායම් ද, සිවුවැනි කාණ්ඩය යටතේ යුනයිටඩ් ට්‍රැක්ටර්, ජෝන් කීල්ස් ‘සී‘, අක්බාර් බ්‍රදර්ස්, ඩබ්.එන්.එස්.ග්ලෝබල්, එච්.එස්.බී.සී. ‘සී‘, වෙබ් ක්වාටර්ස් සහ අවෙරි ඩෙනිසන් කණ්ඩායම් ද එක්වී සිටිති.

ජයග්‍රාහී කුසලානයට අමතරව දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ තුන් ඉරියව් ක්‍රීඩකයාට කුසලාන පිරිනැමීමට නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();