Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කෙරුණේ ආණ්ඩුව ගත් තීරණයක් මතයි

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කෙරුණේ ආණ්ඩුව ගත් තීරණයක් මත බවත් එය පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් නොවන බවත් කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා අවශ්‍ය අමතර ඉඩකඩ ලබා ගැනීම සහ මන්ත්‍රී කාර්යාල සඳහා ගොඩනැගිලි පහසුකම් ලබා ගැනීම යන අරමුණු දෙක සඳහාම එකම ගොඩනැගිලි සංකීර්ණයක් යොදා ගැනීම ප්‍රයෝගිකය යන අදහසින් යුතුව පාර්ලිමේන්තුවට ආසන්නව පවතින කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි සංකීර්ණය ලබා ගැනීමට අණ්ඩුව විසින් තීරණය කළ බවත් එම නිවේදයේ සඳහන් වේ.

මේ අනූව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැති රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණය හෝ එහි කොටසක් පාර්ලිමේන්තුව වෙත ලබා දෙන ලෙස හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ නව ගොඩනැගිල්ලකට ගෙන යාම පිළිබඳව කිසිඳු යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.

කතානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මේ අනූව, කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැති රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණය හෝ එහි කොටසක් පාර්ලිමේන්තුව වෙත ලබා දෙන ලෙස හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ නව ගොඩනැගිල්ලකට ගෙන යාම පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ යුතුය.

අැමැති මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණයේ සිට රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් වෙත ගෙන යන ලද්දේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් පරිදි බව පළව ඇති ප්‍රවෘත්තිය කතානායකතුමන්ගේ අවධානයට ලක්ව ඇත.

2015 නව ආණ්ඩුව පත්වු පසු පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද ආංශික කාරක සභාවන්හි කටයුතු සඳහා අමතර කාර්යාල පහසුකම් අවශ්‍යව තිබූ අතර, ඒ සඳහා පාර්ලිමේන්තු බිම් මහලේ ගරාජය සුදුසු පරිදි සකසා ගැනීම සඳහා කතානායකතුමන්ගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් අවධානය යොමු කර තිබිණ.

නමුත් ඒවන විට, සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රවරුන්ටද පාර්ලිමේන්තුවට ආසන්නයෙන් කාර්යාල පහසුකම් සැපයිම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු වී තිබු බැවින්, පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සඳහා අවශ්‍ය අමතර ඉඩකඩ ලබා ගැනීම සහ මන්ත්‍රී කාර්යාල සඳහා ගොඩනැගිලි පහසුකම් ලබා ගැනීම යන අරමුණු 02 ක සඳහාම එකම ගොඩනැගිලි සංකීර්ණයක් යොදා ගැනීම ප්‍රයෝගිකය යන අදහසින් යුතුව පාර්ලිමේන්තුවට ආසන්නව පවතින කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි සංකීර්ණය ලබා ගැනීමට ආණ්ඩුව විසින් තීරණය කරන ලදී.කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කෙරුනේ රජයේ මෙම තීරණ මත වන අතර, එය පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් නොවේ,

මේ අනූව, කෘෂිකර්ම අමාත්‍යාංශය පැවැති රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණය හෝ එහි කොටසක් පාර්ලිමේන්තුව වෙත ලබා දෙන ලෙස හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ නව ගොඩනැගිල්ලකට ගෙන යාම පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ යුතුය.

කෙසේ උවද , රජයේ තීරණය පරිදි රජමල්වත්තේ පිහිටි ගොඩනැගිලි ගොඩනැගිලි පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා යොදාගැනීමේ දී සියළු ප්‍රතිසංස්කරණ කටයුතු නාවුක හමුදාවේ සහයෙන් සිදු කිරිමට ද එම කාර්යාලයන්හි පැවැති පැරණි උපකරණ අලුත්වැඩියා කර නව කාර්යාල උපකරණ සඳහා යන වියදම් වැලැක්විමටද පියවර ගනු ලැබ ඇත.

වියදම් අවම කිරීමේ දී තමාද පුද්ගලිකවම ක්‍රීයාත්මක විය යුතු බව කල්පනා කළ වත්මන් කතානායකවරයා මින්පෙර හිටපු කතානායකතුමන් භාවිතා කළ මෝටර් රථයම සිය නිල රථය ලෙස යොදා ගනු ලැබූ අතර, අවම වශයෙන් තමා වෙනුවෙන් අලුතෙන් සකස් කිරීමට නියමිතව තිබූ කතානායක නිල කබායද ප්‍රතික්ෂේප කර හිටපු කතානායකතුමන් භාවිතා කළ පැරණි කබාය සුදුසු පරිදි සකසා භාවිතා කර වැදගත් පූර්වාදර්ශයක් සැපයු බවද පෙන්වා දෙමු.

මේ අනූව, පාර්ලිමේන්තුව කතානායක කරු ජයසුරිය මහතාගේ නායකත්වය යටතේ මහජන මුදල් ආරක්ෂා කරන උපරිම අරපිරිමැස්මෙන් සහ විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන ස්ථානයක් ලෙස ක්‍රියාකරනු ඇති බව අවධාරණය කරමු.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();