Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බොක්සිං පදක්කම් දිනූ අනුෂාට මිලියන දෙකක මුදල් ත්‍යාගයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී මෙරට බොක්සිං ඉතිහාසයේ පළමුවරට කාන්තා ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට විශිෂ්ට කීර්තියක් අත්කර දුන් අනුෂා කොඩිතුවක්කුට දශක දෙකක් පුරා ඇය නියෝජනය කරන පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය අයත් මාස් ඉන්ටිමේට්ස් සමාගම විසින් මිලියන දෙකක මුදල් ත්‍යාගයක් ඊයේ පන්නල ස්ලිම්ලයින් ඉන්ටිමේට්ස් ආයතනයේ පැවැති උපහාර උළෙලේදී පිරිනමනු ලැබීය.

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර දී පසුගියදා නිමාවට පත්වූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 48 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදුණු 34 හැවිරිදි අනුෂා කොඩිතුවක්කු අර්ධ අවසන් පූර්ව වටයේදී කේමන් දූපත්හී බාර්නස් බ්‍රැන්ඩි පරාජය කරමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය.

වසර 1950 ඕක්ලන්ඩ් හී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඇලෙක්ස් ඔබේසේකර ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් වසර 68කට පසුව ශ්‍රී ලංකාවට පොදු රද මඬුලු බොක්සිං පදක්කමක් හිමිකරදීමට ඇය සමත්වූවාය.

වසර ගණනාවක් පුරා මෙරට කාන්තා බොක්සිං වළල්ලේ ජාතික ශූරිය වූ අනුෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාවට අත්කරදුන් මේ කීර්තිය වෙනුවෙන් ඊයේ පන්නල දී උපහාර පිදීමේ උත්සව මාලාවක්ම සංවිධාන කර තිබිණි.

මාස් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයට අයත් පන්නල ස්ලිම්ලයින් ඉන්ටිමේට්ස් ආයතන පරිශ්‍රය තුළ ඊයේ දහවල් පැවැති ‍උපහාර උළෙලේදී අනුෂා කොඩිතුවක්කුට විශේෂ තිළිණයක් ද පිරිනැමුණු අතර එය මාස් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අජේ කමලීන් මහතා අතින් සිදු කෙරිණි. මේ අවස්ථාවට මාස් ඉන්ටිමේට්ස් ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු, මූල්‍ය අධ්‍යක්ෂ රුවන් කෑරගල, මානව සම්පත් අධ්‍යක්ෂ ශක්ති රණතුංග මහත්වරු ඇතුළු එම ආයතනයේ සේවක සේවිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();