හෙට-අනිද්දා සුගතදාස තරග බිමට
ශ්‍රී ලංකාව රන් පදක්කම් 10ක් අපේක්ෂාවෙන්
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෙට (5) හා අනිද්දා (6) පැවැත්වෙන දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රටවල් 7කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 202ක් තරග බිමට පිවිසෙති. මේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 84ක්, ඉන්දියාවෙන් 68ක්, පාකිස්ථානයෙන් 16ක්, මාලදිවයිනෙන් 13ක්, බංග්ලාදේශයෙන් 11ක්, නේපාලයෙන් 07ක්, හා භූතානයෙන් 03ක් සුගතදාස පිටියේ තම දස්කම් දැක්වීමට සැරසී සිටිති.
තෙවැනි වරටත් පැවැත්වෙන දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ පස්වරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින අතර 5 වැනිදා ආරම්භක දිනයේ පස්වරු 2.00ට පළමු ඉසව්ව පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙයට අමතරව දකුණු ආසියා මලල ක්‍රීඩා කොන්ග්‍රස් රැස්වීම 5 වැනිදා ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මීටර් 200, මීටර් 400, මීටර් 400 සහය දිවීම ඉසව් නියෝජනය කරන අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මහා විදුහලේ අරුණ දර්ශන, උප නායකයා ලෙස මිටර් 100, මීටර් 100 සහය දිවීම ඉසව් නියෝජනය කරන මීගමුව මාරිස්ටෙලා විදුහලේ චානක සංදීප හා උප නායිකාව ලෙස මීටර් 100, මීටර් 200, මීටර් 100 සහය දිවීම, මීටර් 400 සහය දිවීම ඉසව් නියෝජනය කරන මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ අමාෂා ද සිල්වා නම්කොට ඇත.
වසර 2009දී කොළඹදී හා වසර 2013දී ඉන්දියාවේදී මේ ශූරතාවලිය පැවැත්වූ අතර මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 10ක් පමණ දිනනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. කෙසේ වුවද ඉතා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ඉන්දීය මලල ක්‍රීඩා කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයිද ප්‍රනාන්දු මහතා පැවැසීය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා එසේ සඳහන් කළ අතර දකුණු ආසියාවේ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ශූරතාවලිය ප්‍රබල අත්දැකීමක් වනු ඇතැයි ද පැවැසීය.
ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩිකා නාම ලේඛනය:
මීටර් 100 , මීටර් 200, මීටර් 100 සහය දිවීම, මීටර් 400 සහය දිවීම:- අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි), මීටර් 100, මීටර් 200, මීටර් 400 සහය දිවීම:- ෂලින්දා ජෙන්සන් (රාජගිරිය ගේට්වේ), මීටර් 100, මීටර් 200, මීටර් 100 සහය දිවීම:- ෂර්මිලා ජේන් (රාජගිරිය ගේට්වේ), මීටර් 400, මීටර් 800, මීටර් 400 සහය දිවීම:- දිල්ෂි ශ්‍යාමලි කුමාරසිංහ (වලල ඒ. රත්නායක) මීටර් 400, මීටර් 400 සහය දිවීම:- සචිනි දිවාංජලි (වත්තල ලයිසියම්), රුමේෂි ඉෂාරා අත්තිඩිය (නුගේගොඩ ලයිසියම්), මීටර් 800, මීටර් 3000:- වසන්ති මාරිස්ටෙලා (කුලියාපිටිය ම.ම.වි.), මීටර් 800:- ෂානිකා ලක්ෂානි (ගම්පහ සිරිකුරුස), මීටර් 1500, මීටර් 3000:- සමුදිකා හේරත් (වලල ඒ. රත්නායක), මේනකා කනගරත්න (වලල ඒ රත්නායක ), මීටර් 1500:- හෂන්ති මධුමාලි (මාතර සුජාතා බාලිකා), මීටර් 100 , කඩුලු, එන්.ජී.පී.ආර්. ගුණතිලක (රත්නපුර සුමන බාලිකා), භාග්‍යා නිල්මිණි (විහාරගොඩ ම.වි.), සෙනුරි අනුත්තරා (පන්නිපිටිය ධර්මපාල) මීටර් 400 කඩුලු:- කවින්ද්‍යා සත්සරණි/අඹගමුව ම.වි.), ආර්.ඒ.ටී.එන්. රණසිංහ (රත්නපුර සීවලි), කුමාරි වනිගරත්න (වලල ඒ රත්නායක), උස පැනීම:- පී.අයි.එන්. පල්ලේගම (ඉබ්බාගමුව ම.ම.වි.), ෂෙනාලි වීරප්පෙරුමගේ (වත්තල ලයිසියම්), කෝසිලා අමරසිංහ (කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), දුර පැනීම:- රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක), නෙත්මී මේගවර්න (දෙබරවැව ම.ම.වි.), එස්.ආර්.පී.එන්. මධුවන්ති (දන්කොටුව බාලිකා), තුන් පිම්ම:- රන්දි කුරේ (රාජගිරිය ගේට්වේ), සත්සරා සන්දීපනී (ඇඹිලිපිටිය ජනාධිපති), ඩී.ආර්. නිරෝධා (යුද හමුදා) යගුලිය විසිකිරීම:- ෂරියා ගුණසේකර (කාන්තා විදුහල), රෙහානා ඬේවිඩ් (කාන්තා විදුහල), ඕවිනි චන්ද්‍රසේකර (කොළඹ බිෂොප්), කවපෙත්ත විසිකිරීම:- හේෂානි මහේෂිකා (කඳාන සාන්ත සෙබස්තියන්), හෙෂාරා රත්නායක (රක්වාන රත්නාලෝක), පූර්ණිමා පෙරේරා (වත්තල ලයිසියම්), හෙල්ල විසිකිරීම:- ඩී.එම්.අයි. හෂන්ති (වලල රත්නායක), හසානා මරිෂා ඩීන් (පානදුර අගමැති බාලිකා), මීටර් 4×100:- එච්.එස්. සෙමික් (මහනුවර විහාර මහා දේවි බාලිකා), ටී.එම්.පී. වීරසූරිය (තංගල්ල ශාන්ත ජෝශප්), සදීපා හෙන්ඩර්සන් (කොළඹ ගේට්වේ), කවිඳි එදිරිසිංහ (නාවල ජනාධිපති බාලිකා), යූ.කේ.පී. බණ්ඩාර (කෑගල්ල සාන්ත ජෝශප්)
ක්‍රීඩක නාම ලේඛනය:
මිටර් 100 , මීටර් 100 සහය දිවීම:- චානුක සන්දිය (මීගමුව මාරිස්ටෙලා විදුහල), සුරාජ් දිනූෂ (මොරවක ම.වි.), වයි.සී.එම්. සෝමසිංහ (කෑගල්ල සාන්ත මේරි විදුහල), මීටර් 200, මීටර් 400, මීටර් 400 සහය දිවීම :- අරුණ දර්ශන (අකුරම්බොඩ වීර කැප්පෙටිපොල), පබසර නිකූ (නාලන්ද විදුහල), මීටර් 200:- චමිඳු ප්‍රභාත් (වත්තල ලයිසියම්), මීටර් 400, මීටර් 400 කඩුලු, මීටර් 400 සහය දිවීම :- පී.එම්.ඩී.එල්. කොඩිකාර (කුරුණෑගල මලියදේව විදුහල), මීටර් 800, මීටර් 400 සහය දිවීම:- ඩී.එම්.එච්.එස්. කරුණාරත්න (වලල ඒ. රත්නායක), මීටර් 800:- ඉසුරු ලක්‍ෂාන් (සාන්ත පීතර විදුහල), සී. අරවින්දන් (බදුල්ල සරස්වති) මීටර් 1500:- පූර්ණ සඳමිත් (මාතර රාහුල), කේ.එක්.ඒ. මධුශංඛ (වලල රත්නායක මැදි විදුහල), ධම්මික විජේසූරිය (රන්දිවෙල ම.වි.), මීටර් 5000:- එස්. කින්තුසාන් (වවුනියාව), එස්.ජී.වී. ඩෙන්සිල් (වලල ඒ රත්නායක ම.ම.වි), ගයාන් කුමාර (ගාල්ල මහින්ද විදුහල), මීටර් 110 කඩුලු:- ජනිඳු ලක්විජය (සාන්ත පීතර විදුහල), ෂේශාන් කාරියවසම් (සාන්ත ජෝශප් විදුහල), ආර්.එන්. කුමාරගේ (මහනුවර ත්‍රිත්ව), මීටර් 400 කඩුලු:- නවෝද්‍ය සංකල්ප (ගාල්ල මහින්ද), ෂේසාන් බියන්විල (මීගමුව මාරිස්ටෙලා), උස පැනීම:- තරිඳු දසුන් (ගාල්ල මහින්ද), එස්.ටී. අමරසිංහ (කොළඹ රාජකීය), කේ.ජී.සී.එල්. මෙන්ඩිස් (ගාල්ල සාන්ත ඇලෝසියස්), දුර පැනීම:- ප්‍රමෝද් මධුශංඛ (මීගමුව මාරිස්ටෙලා), පසිඳු දුමින්ද (පාදුක්ක සිරි පියරතන), තුන් පිම්ම:- ජෙරමි ස්ටැනිස්ලියස් (සාන්ත පීතර විදුහල), කාලිංග ජයබණ්ඩාර (කොච්චිකඬේ ලොයලා), කනිෂ්ක ඉමේජ් (මාතර/රාහුල), යගුලිය විසිකිරීම:- ඩී.එස්. හපුආරච්චි (හොරණ ශ්‍රී පාලි), ඩබ්.ඒ.එම්. මලින්ත (වෙන්නප්පුව සාන්ත රීටා), කවපෙත්ත හා යගුලිය විසි කිරීම:- ළහිරු හේෂාන් (රක්වාන රත්නාලෝක ම.වි.), කවපෙත්ත විසි කිරීම:- එස්. පීරාගස්රාජ් (පේදුරුතුඩුව හාට්ලි), ෂර්වින් රුමේස්ක (සාන්ත ජෝශප් විදුහල), හෙල්ල විසි කිරීම:- ප්‍රසන්න රණවක (ශාන්ත බෙනඩික් විදුහල), අංජන ෆොන්සේකා (වෙන්නප්පුව සාන්ත ජෝශප්), තුෂ්මික ක්‍රිස්ටල් (හලාවත ශාන්ත මේරි), මීටර් 100 සහය දිවීම:- යොහාන් ධනුෂ්ක සිල්වා (සාන්ත බෙනඩික් විදුහල), තවිඳු රාජකරුණා (වත්තල ලයිසියම්), කවිඳු බණ්ඩාර (නුගේගොඩ ලයිසියම් ), රවිෂ්ක ඉන්ද්‍රජිත් (කොටහේන ශාන්ත බෙනඩික්), ඩී.එම්.එච්.එස්. කරුණාරත්න (වලල ඒ රත්නායක), ඩී.එම්. බෝගොඩ (කුරුණෑගල දිස්ත්‍රික්)
0 Comments