පැය විසි හතරක් තුළ ඉන්දුනීසියාවේ සුරාබයා ප්‍රදේශයේ සිදු කළ අයි එස් ප්‍රහාර බාල වයස්කාර දරුවන් සහිත පවුල් තුනක් විසින් සිදු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාර සඳහා එම පවුල් වල වැඩිහිටියන් මෙන්ම ළමයින් ද සහභාගි වී ඇති අතර සුරාබයා පොලිස් මුලස්ථාන මරා ගෙන මැරෙන ප්‍රහාරය සඳහා 08 හැවිරිදි දියණියක් ද එක් පවුලක් විසින් යොදා ගෙන තිබේ.
එම ප්‍රහාරය එල්ල වූයේ 12 දෙනෙකුට මරු කැඳවමින් සහ 40 දෙනෙකුට තුවාල සිදු කරමින් ළමයින් ද ඇතුළු සාමාජිකයින් 6ක ගෙන් සමන්විත පවුලක් විසින් දේවස්ථාන තුනක් වෙත බෝම්බ ප්‍රහාර තුනක් එල්ල කිරීමට පසු දිනය. තම බිරිඳ සහ වයස අවුරුදු 09 සහ 12 වියේ පසු වූ දියණියන් දෙදෙනා ඉන්දුනීසියා ක්‍රිස්තියනි දේවස්ථානය වෙත කැඳවා ගෙන ගොස් ඇත්තේ එක් පවුලක පියා විසිනි. ඔවුන් තිදෙනා දේවස්ථානය තුළට ගොස් බෝම්බය පුපුරවා ගෙන ඇත. අනතුරුව ඔප්‍රියාර්ටෝ නම් පියා විසින් පෙන්තකොස්ත මධ්‍යම දේවස්ථානය වෙත ගොස් තවත් බෝම්බයක් පුපුරවා ගෙන ඇත.
මේ අතර අවුරුදු 16 සහ 18 පසුවන පුතුන් දෙදෙනා තවත් මව්පියන් දෙදෙනකු විසින් ශාන්ත මරියා කතෝලිත දේවස්ථානය වෙත කැදවා ගෙන ගොස් එහිදී බෝම්බය පුපුරවා ගෙන ඇත. එම පවුලේ සාමාජිකයින් සියලු දෙනාම එහිදී මියගොස් ඇති බව වාර්තා වේ . මේ සියලු ප්‍රහාරයන් හි වගකීම අයි. එස් අයි. එස් ත්‍රස්ත කණ්ඩායම විසින් බාර ගන්නා බව අමාක් ප්‍රවෘත්ති ඒජන්සිය හරහා නිවේදනය කර තිබේ.


0 Comments