Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජයේ මුදල් මිලියන 4223ක් අවභාවිතා කිරීම

Author(s): 
සුභාෂීණී සේනානායක

වෝහාරික විගණනයක් අවශ්‍ය නම් ඉදිරි නඩු දිනයේ අධිකරණයට දැනුම් දෙන්න

* ලංකා විදුලිබල මණ්ඩලයට අධිකරණය දැනුම් දෙයි

රජයේ මුදල් රුපියල් මිලියන 4223ක් අවභාවිතා කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ සිද්ධියට අදාළව වෝහාරික විගණනයක් සිදු කිරිමට අවශය නම් ඉදිරි නඩු දිනයේ ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා (10) දැනුම් දූන්නාය.

එමෙන්ම මේ සිද්ධියට අදාළව සිදු විෂය ගත විදුලි බල මණ්ඩලයේ අංක ගත බැදුම්කර නිකුතුවන් භාරයේ තිබෙන්නේද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට වෝහාරික විගණනයක් සිදු කිරිම අවශ්‍ය බවට විදුලි බල මණ්ඩලය සිදු කළ දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරිය මේ නියෝගය සිදු කළාය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව කළමණාකරණය භාර ගත් අවස්ථාවේ විගණනයක් සිදු කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට දැනුම් දුන් අතර සිදු කර ඇති විගණන වාර්තා ජාතික ඉතිරි කිරීමේ බැංකුව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අවශ්‍ය වෙතොත් ඒ වාර්තා පරිශීලනය කිරිමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා භාරයේ තබන බවත් මහේස්ත්‍රාත් වරිය දැනුම් දුන්නාය.

මේ සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂීත බන්ධනාගාරයේ සිට දැනට ඇප මත සිටින එහි අධ්‍යක්ෂකවරුන් වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් පී එල් සී සමාගමමේ අධ්‍යක්ෂකවරුන් වන චානුක උපේන්ද්‍ර රත්වත්ත, ඉසිර ධර්මපිය බණ්ඩාර දහනායක, රුමේෂා දුෂයන්ති සෙනරත්, කන්හැර පතිරන්නැහැලාගේ නන්දික සංජීව දයාරත්න,මධුෂාන් නිලොෂාන් රොමෙලෝ මෙන්ඩිස් යන සැකකරුවන් පසුගියදා (10) අධිකරණයේ පෙනි සිටියේය.

මේ සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ මූල්‍ය අපාරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පොලිස්පතිවරයාට සිදු කළ ලිඛිත පැමිණිල්ලකට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය අධිකාරි තුයිය හැන්නදිගේ බුද්ධීක සරත් චන්ද්‍ර මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියා පදිංචි වෙළෙඳ ආයතනයක් වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි එන්ට්‍රස්ට් සිකියුරිටීස් පී එල් සී සමාගම රජය ඇතුලු වෙනත් පුද්ගලයින්ගේ මුදල් ආයෝජිත සමාගමක් වන අතර වෙනත් පුද්ගලයින් සහ සමාගම් එම සමාගමේ ආයෝජනය කළ මුදල් අවභාවිතා කර ඇති බවත් විදුලි බල මණ්ඩලය විශ්‍රාම අරමුදල සහ අර්ථසාධක අරමුදල රුපියල් මිලියන 2558ක්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ක්‍රියාකාරි ගනුදෙනුකරුවන් 350 ක් පමණ ආයෝජනය කළ මුදල් එන්ට්‍රස්ට් සමාගම ලබා ගෙන ඇතත් එම මුදල් මහ බැංකුවේ තැන්පත් කර නැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධීකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ලබන මැයි මස 15 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();