බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවර මහල් 26කින් සමන්විත ගොඩනැගිල්ලක් විනාඩි 90ක් තුළ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ විය.
පවුල් 50ක් පමණ පදිංචිව සිටි මෙම නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් ගින්නෙන් එක් පුද්ගලයෙකු මිය ගිය බවත් අතුරුදන් වූ සංඛ්‍යාව සම්බන්ධ වාර්තා ලැබී නොමැති බව බලධාරීහු පවසති.
මෙම ගිනිගැනීම හේතුවෙන් ගොඩනැගිල්ලේ අඩක් කඩා වැටී ඇති අතර ගිනි නිවන සේවකයින් 160ක් සහ ගිනි නිවන රථ 57ක් ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා ඇත. එහෙත් වේගයෙන් ගොඩනැගිල්ල පුරා ගින්න පැතිර ගිය බැවින් එය පාලනය කිරීමට අපොහොසත් වූ බව ගිනි නිවන හමුදාව පවසයි. මෙම ගින්නට හේතුව බොහෝ විය විදුලි කාන්දුවක් විය හැකි බවට ඔවුන් සැක පහළ කරයි.
0 Comments