ඇෆ්ගනිස්තානයේ දී මාධ්‍යවේදීන් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය බී. බී. සී වාර්තාකරු අහ්මඩ් ෂාහ් (29) ඉතා විනීත පුද්ගලයකු බවත් ඇෆ්ගනිස්තානයේ සිට සිදු කළ ප්‍රවෘත්ති වාර්තාකරණ අතිශයින් ප්‍රමාණවත් බවත් එම පුවත් සේවය පවසයි. පුළුල් පරාසයක විශේෂ දක්ෂතා ඇති මෙන්ම කාර්යක්ෂම වාර්තා කරුවකු වන ඔහුගේ අභාවය තම පුවත් සේවයට ඉමහත් පාඩුවක් බව බී. බී. සී පුවත් සේවය වැඩි දුරටත් පවසයි.
ඔහුට මාධ්‍ය වේදය පිළිබඳ හොඳ ඉවක් තිබූ බව ද ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ සූදානමක් තිබූ බව ද එම පුවත් සේවය පවසයි. ඔහුගේ අසහාය සේවය නිහඬව නමුත් වේගවත්ව හා වගකීමෙන් ලබා දුන් බව පවසන බී. බී. සී ය ඔහුගේ සීමා වෙන් ඔබ්බට ගොස් නව පුවත් සොයා යාමේ පිපාසයකින් පෙළෙන්නකු වූ බව සඳහන් කරයි. ඔහු මානුෂික සිදුවීම් පිළිබඳ හොඳ ඇසක් තිබූ මාධ්‍යවේදියකු ලෙස ඔහු මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකටය.
ඇෆ්ගනිස්තානයේ දී මාධ්‍යවේදියෙකු ලෙස හැඳින්වූ මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පුපුරවා ගන්නා ලද බෝම්බයෙන් මිය ගිය මාධ්‍ය වේදීන් අතර ඒ. එෆ්. පී සේවයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ෂාහ් මරී ද වන බව එම පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඡායාරූප - BBC
0 Comments