මධ්‍යම අප්‍රිකාවේ බන්ගුයි හි ක්‍රිස්තියානි දේවස්ථානයක දේව මෙහෙයක් අතර එල්ල වූ ප්‍රහාරයකින් පූජකවරයා ඇතුළු බැතිමතුන් 15 දෙනකු මිය ගොස් තිබේ. වාර්තා වන අන්දමය නොත්රි-දාම් ඩි ෆාතිමා දේවස්ථානයට ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඊට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයින් විසිනි.
එම ප්‍රහාරයත් සමග ජනතාව කලබලකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇති අතර එය පාලනය කිරීම සඳහා රජයේ හමුදා මැදිහත් වීමට ද සිදු වී ඇත. විශේෂයෙන් ක්‍රිස්තියානි පූජකවරයා ඝාතනය කිරීමට විරෝධය දක්වමින් බොහෝ පිරිස් වීදි බැස ඇති බව වාර්තා වේ. පූජකවරයා ගේ දේහය කෝපයට පත් ජනතාව විසින් ජනාධිපති මන්දිරය වෙත ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
වසර කිහිපයක සිට මධ්‍යම අප්‍රිකානු කලාපය ජන වාර්ගික සහ ආගමික අර්බුද වලිට මුහුණ දෙමින් සිටියි. පසුගිය මාසයේ මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයට නුදුරින් පිහිටි මුස්ලිම් පූජනීය ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 28 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
0 Comments