Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2001 ඝාතනයකට තිදෙනෙක් පෝරකේට

Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

බහින්බස්වීමක් දුරදිගගොස් පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කළ බවට වරදකරුවන් වූ විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඊයේ (18) මරණීය දණ්ඩනය නියම කරන ලදී.

අබ්දුල් මොහොමඩ් ඉබ්බාල්, නුවන් රංගන ගුණසේකර හා හුළුපාකරන් ජෙගචන්ද්‍රන් නමැති විත්තිකරුවනට එසේ මරණීය දණ්ඩනය නියම වුණි.

2001 නොවැම්බර් මස 05 හෝ ඊට ආසන්න දිනක දී ග්‍රෑන්ඩ්පාස් නවගම්පුරදී සුමිත් ජනක ප්‍රනාන්දු යන අයට පිහියකින් ඇන ඝාතනය කළ බවට විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා තිබුණි.

විත්තිකරුවනට එරෙහිව නඟා තිබූ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකර ඇති බව නඩු විභාගයෙන් අනතුරුව තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනාටම මරණීය දණ්ඩනය නියම ක‍ළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();