Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ද. ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශ්‍රී ලංකාවට රන් 12යි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

*රන් පදක්කම් රටවල් දෙකක් බෙදා ගනිති
* ද. ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා නව වාර්තා 8ක් 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාව දුටු දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නව දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තා 8ක් සමඟ රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් දිනා ගනියි. දින දෙකකදී රටවල් 7කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 202ක් තරග බිමට පිවිසි මේ ශූරතාවලියේදී වැඩිම පදක්කම් දිනාගත් ඉන්දියාව නව දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තා 12ක් සමඟ රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 8ක් දිනා ගත්තේය.

මේ ශූරතාවලියේ රන් පදක්කම් දිනාගෙන දැක්වූ දස්කම් අනුව මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අකුරම්බොඩ වීර කැප්පෙට්ටිපොල මහා විදුහලේ අරුණ දර්ශන, මීටර් 400 හා මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්ව නියෝජනය කළ කුරුණෑගල මලියදේව විදුහලේ පී. එම්. එල්. කොඩිකාර, මීටර් 400 හා මීටර් 800 නියෝජනය කළ දිල්ෂි කුමාරසිංහ ලබන ජූලි මාසයේ පින්ලන්තයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.

අවසන් වරට වසර 2013දී ඉන්දියාවේදී පැවැති මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 14ක් දිනාගත් අතර මෙවර ශූරතාවලියේදී යම් ප්‍රගතියක් පෙන්වා ඇත. ඉන්දියාව අවසන් ශූරතාවලියේදී රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 12ක් දිනා පෙර ප්‍රතිඵලය හා සමාන ස්ථානයක සිටී. පාකිස්තානය රිදී 1ක් හා ලෝකඩ 1ක්, බංග්ලාදේශය ලෝකඩ 2ක් හා මාලදිවයින ලෝකඩ පදක්කමක් දිනා ගත්හ.

වලල ඒ රත්නායක විදුහලෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍යාමලී කුමාරසිංහ මීටර් 400 හා මීටර් 800 තරග දෙකේදීම නව දකුණු ආසියා කනිෂ්ඨ තරග වාර්තා බිඳ හෙලීම කැපී පෙණුනි. ඇය විසින් ඉන්දීය ක්‍රීඩිකාවන් සතුව තිබූ දකුණු ආසියා කනිෂ්ඨ වාර්තා දෙකක් එලෙස මකා දැමුවාය.

මේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 84ක්, ඉන්දියාවෙන් 68ක්, පාකිස්ථානයෙන් 16ක්, මාලදිවයිනෙන් 13ක්, බංග්ලාදේශයෙන් 11ක්, නේපාලයෙන් 07ක් හා භූතානයෙන් 03ක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම්

ශ්‍යාමලී කුමාරසිංහ මීටර් 400 කාන්තා තත් 54.47 (නව තරග වාර්තාවකි)

අරුණ දර්ශන මීටර් 400 පිරිමි තත් 46.55 (නව තරග වාර්තාවකි)

අමාෂා ද සිල්වා මීටර් 100 කාන්තා තත්.11.92 (නව තරග වාර්තාවකි)

මීටර් 100 සහය දිවීම කාන්තා තත් 46.23 (නව තරග වාර්තාවකි)

ශ්‍යාමලී කුමාරසිංහ මී. 800 කාන්තා වි. 2:07.73 (නව තරග වාර්තාවකි)

පී. එල්. කොඩිකාර මීටර් 400 කඩුලු පිරිමි තත්. 52.56 (නව තරග වාර්තාවකි)

මීටර් 400 සහය දිවීම පිරිමි වි.3:08.21(නව තරග වාර්තාවකි)

මීටර් 400 සහය දිවීම කාන්තා වි.3:43.31(නව තරග වාර්තාවකි)

ඩී. එම්. එච්. එස්. කරුණාරත්න මී. 800 පිරිමි වි. 1:53.35

තරිදු දසුන් උස පැනීම පිරිමි මීටර් 2.04

අමාෂා ද සිල්වා මීටර් 200 කාන්තා තත්. 24.70

අරුණ දර්ශන මීටර් 200 පිරිමි තත් 21.50

ශ්‍රී ලංකාව දිනාගත් ලෝකඩ පදක්කම්

ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම්

ප්‍රගීත් ප්‍රසන්න රණවක හෙල්ල විසි කිරීම පිරිමි මී. 61.71

රිද්මා නිශාදී අඹේරත්න දුර පැනීම කාන්තා මී.5.91

ළහිරු කේෂාන් පතිරණ කවපෙත්ත විසි කිරීම මී.47.37

චානුක සන්දීප මීටර් 100 කාන්තා තත්.10.88

පී. එල්. කොඩිකාර මීටර් 400 පිරිමි තත්. 46.99

පී. අයි. එන්. පල්ලේගම උස පැනීම කාන්තා මී.1.65

ඩී. එම්. අයි. හසන්ති හෙල්ල විසිකිරීම කාන්තා මී.40.80

ඉසුරු ලක්ෂාන් මී. 800 පිරිමි වි.1:53.97

එස්. ටී. අමරසිංහ උස පැනීම පිරිමි මී.2.00

ෂාර්මිලා ජෑන් මීටර් 200 කාන්තා තත්.24.80

ශ්‍රී ලංකාව දිනාගත් ලෝකඩ පදක්කම්

අංජන ෆොන්සේකා හෙල්ල විසි කිරීම පිරිමි මී.60.47

නෙත්මී මේඝවර්ණ දුර පැනීම කාන්තා මී.5.67

ෂරිෂා ගුණසේකර යගුලිය විසි කිරීම කාන්තා මී.11.51

ප්‍රමෝද් මධුභාෂ දුර පැනීම පිරිමි මී.7.02

පී. ආර්. ගුණතිලක මීටර් 100 කඩුලු පැන දිවීම කාන්තා තත් 15.25

ෂෙශාන් දිලූෂ කාරියවසම් මීටර් 110 කඩුලු පැන දිවීම පිරිමි තත්.14.60

ෂෙලින්දා ජෙන්සන් මීටර් 100 කාන්තා තත්. තත්.12.28

පබසර නිකූ මීටර් 400 පිරිමි තත්.47.43

ජේ. එම්. මනගරත්න මීටර් 1500 කාන්තා වි.4:36.71

ඒ. කේ. මධුසංඛ මීටර් 1500 පිරිමි වි.4:02.46

රන්දි කුරේ තුම් පිම්ම කාන්තා මී.12.50

ඒන්. උදයන්ති හෙල්ල විසිකිරීම කාත්නා මී.39.12

මනේෂ් මලින්ත යගුලිය විසිකිරීම පිරිමි 14.97

කාවින්ද්‍යා තත්සරණී මීටර් 400 කඩුලු කාන්තා වි.1:03.28

හේෂානී මහේෂිකා කවපෙත්ත විසි කිරීම කාන්තා මීටර් 37.50

ෂෙලින්දා ජේසන් මීටර් 200 කාන්තා තත්. 25.08

සී. එස්. හේරත් මීටර් 3000 කාන්තා වි.10:06.12

එස්. කිනිතුෂාන් මීටර් 5000 පිරිමි වි.16:18.43

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();