Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාපන්දුවට අලුත් තරු බිහි කරන රිනවුන් ඇකඩමිය ලබන 1 දා සිට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

වසර 40ක ඉතිහාසයක් ඇති රිනවුන් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේදී මුල්වරට යුරෝපීය පාපන්දු පුහුණු ක්‍රමවලින් සමන්විත රිනවුන් පාපන්දු ඇකඩමිය ලබන මස 1දා ආරම්භ කරයි. වයස අවුරුදු 6 සිට 16 දක්වා බාලක බාලිකාවන්ට දොරටු විවරවන මේ පාපන්දු ඇකඩමිය ටොරින්ටන් පෙදෙස තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රිනවුන් පාපන්දු ඇකඩමිය තුළින් මෙරට පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය ඉහළ තාක්ෂණයක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ හැකි බවට විශ්වාසයක් ඇතැයි ඇකඩමියේ නිර්මාතෘවරුන් වන රොබට් පීරිස් හා ශ්‍රීදරන් පීරිස් යන මහත්වරු පවසති. රිනවුන් පාපන්දු ඇකඩමියේ තාක්ෂණික උපදේශක ලෙස ජාතික පාපන්දු පිලේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙකු වන චමින්ද ස්ටැන්වෝල් මහතා කටයුතු කරන අතර එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ පුහුණු සහතිකලත් ජාතික පිලේ හිටපු නායක හා හිටපු ජාතික පාපන්දු පුහුණුකරු මොහොමඩ් අමුනුල්ලා මහතා රිනවුන් පාපන්දු ඇකඩමියේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරති.

එයට අමතරව ජාතික පාපන්දු පිලේ ගෝල් කීපර් පුහුණුකරු මහින්ද ගලගෙදර, හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයින් වන ඉම්තියාස් රහීම්, මොහොමඩ් රහුමාන්, මොහොමඩ් ඉසෙදීන් නිසාල් නිලංග හා එම්. කේ. ජේ. ප්‍රියන්ත යන මහත්වරු මේ ඇකඩමියේ පුහුණු කටයුතු සඳහා එක් වෙති.

මේ පුහුණුකරුවන් සියලු දෙනා කුඩා දරුවන්ට පාපන්දු ක්‍රීඩාව කෙරෙහි ඇල්ම ඇතිවන පරිදි පුහුණුව ලබාදීමේ අති දක්ෂයන් බව රිනවුන් පාපන්දු ඇකඩමිය පිළිබඳ පැවැති මාධ්‍ය හමුවේදී ඇකඩමිය නිර්මාතෘ රොබට් පීරිස් මහතා පැවැසීය. “කුඩා දරුවන්ට පාපන්දු ක්‍රීඩාව පුහුණු කිරීම විශේෂ දෙයක්. එය ඉතා සියුම් ලෙස කිරීමට අපගේ පුහුණුකරුවන් ඉතා හොඳින් දන්නවා.

ඒ සඳහා වෙනම දැනුමක් ඔවුන් සතුව තිබෙනවා. ඒ නිසා රිනවුන් පාපන්දු ඇකඩමිය තුළින් මේ රටට අවශ්‍ය සම්පත් ඉතා ක්‍රමානුකූලව ගොඩනැගීමේ හැකියාව අපට ලැබෙනවා” පීරිස් මහතා පැවැසීය.

ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගෙන් රිනවුන් පාපන්දු ඇකඩමියට ලැබෙන සහයෝගය අගය කරන බවද ඒ මහතා පැවැසීය. මේ පාපන්දු ඇකඩමිය පිළිබඳ විමසීම් 0777747847 දුරකතනයෙන් හෝ renownfootball

academy@yahoo.com යන විද්‍යුත් ලිපිනයෙන් ලබාගන්නා ලෙස ඉල්ලා සිටී.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();