Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගැබිණි මව්වරුන් 09 දෙනෙකු බේරාගනිද්දී අපදාවට ලක්ව සිටි ගැබිණි මවකගේ කුසේ සිටි දරුවා මියයයි

රත්නපුර – කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් 09 දෙනෙකු ඇතුළු එකසිය හැත්තෑ දෙදෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.

එම මව්වරුන්ගෙන් 06 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් මවකගේ දරුවෙකු බිහි කිරීමේදී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවටයි වාර්ථා වෙන්නේ.
මීට අමතරව රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා තවත් අතිරේක බල ඇණි කිහිපයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩිර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ.

 

මේ අතර හැමිල්ටන් ඇළ පිටාර ගැලීම නිසා නාන්තණ්ඩිය – තුන්මෝදර ප්‍රදේශයේ පවුල් 16ක් කොටු වී තිබෙනවා.

එම පවුල් මුදා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අපදා කළමණා කරන මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් තවමත් පවතින්නේ ජලයෙන් යටවයි.

කඩුපිටිය ඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා. මීට අමතරව රතඹලාඔය පිටාර ගැලීම නිසා මදවක්කුලම ප්‍රදේශය ද ජලයෙන් යට වී ඇත.

එමෙන්ම වර්ෂාවත් සමඟ දැදුරුඔය ජලාශයේ විවෘත කෙරුණු වාන් දොරටු 8ම තවමත් අඩිය බැගින් විවෘතව පවතිනවා.

ඉන් තත්ත්පරයට ජලය ඝන අඩි 25,000ක් පමණ දැදුරුඔයට මුදාහැරෙන බවටයි වාර්තා වන්නේ.

රාජාංගණය සහ තබ්බෝව යන ජලාශවල ජල මට්ටම් ද තවමත් පවතින්නේ පිටාර මට්ටමේයි.



from Gossip Lanka News & Video https://ift.tt/2x1mCdl
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();