එළඹෙන ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා ලබාදුන් නිලධාරීන්ගේ නම් ඊයේ (21) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරන කමිටුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ඒ අනුව සභාපති තනතුර සඳහා ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා, නිශාන්ත රණතුංග හා තිලංග සුමතිපාල යන මහත්වරු තරඟ වැදීමට නියමිතය.
ඒ අනුව ක්‍රිකට් මුල් පුටුව සඳහා සිව් කොන් සටනක් නිර්මාණය වී තිබේ.
කෙසේ වුවත් වත්මන් තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයේ උපසභාපති වරයෙකු වන මොහාන් ද සිල්වා මහතාගේ නම සභාපති තනතුරට යෝජනා කර තිබීමද විශේෂත්වයකි.
ලේකම් තනතුර සඳහා නාම යෝජනා ලබා දී ඇති අය වන්නේ ශම්මි සිල්වා, බන්දුල දිසානායක, හිරන්ත පෙරේරා, මොහාන් ද සිල්වා හා නිශාන්ත රණතුංග යන අයයි. ඔවුන් අතරින් ශම්මි, බන්දුල හා මොහාන් තිලංග පාර්ශවයද, හිරන්ත හා නිශාන්ත – රණතුංග පාර්ශවයද නියෝජනය කරති.
උපසභාපති තනතුරු 02ක් සඳහා සුමතිපාල පාර්ශවයෙන් ශම්මි සිල්වා, කේ.මතිවානන් හා මොහාන් ද සිල්වා යන අය නාම යෝජනා දී ඇති අතර හිරන්ත පෙරේරා රණතුංග පාර්ශවයෙන් උපසභාපති තනතුරක් සඳහා තරඟ වදී.
උපලේකම් ධූරය සඳහා බන්දුල දිසානායක, රවීන් වික්‍රමරත්න හා සමන්ත දොඩංවල තිදෙනා සුමතිපාල පාර්ශවයෙන් තරඟ වදී.
භාණ්ඩාගාරික ධූරයට වත්මන් භාණ්ඩාගාරික ශම්මි සිල්වා හා බන්දුල දිසානායක සුමතිපාල පාර්ශවයෙන්ද, ඊස්ට්මන් නාරංගොඩ රණතුංග පාර්ශවයෙන් භාණ්ඩාගාරික තනතුර සඳහා නාම යෝජනා දී ඇත.
උපභාණ්ඩාගාරික ධූරය සඳහා ගිහාන් වීරසිංහ හා බන්දුල දිසානායක සුමතිපාල පාර්ශවයෙන්ද නිහාල් ලෙව්කේ රණතුංග පාර්ශවයෙන්ද තරඟ කරයි.
මේ අතර විනිසුරු කමිටුව සඳහා දීපාල් මධුරප්පෙරුම , ෂබූ මොහොමඩ් සිද්දික්, ලසන්ත ජයමාන්න, දුමුදු හේමාල්, මාලන් රණසිංහ, සමන් හේවාවිතාන, හා සමන්තලාල් ප්‍රනාන්දු යන අය තරඟ වදින අතර තරඟාවලි කමිටුව සඳහා වසන්ත ආරියවික්‍රම, ගිහාන් වීරසිංහ, කසුන් ඉන්දුව ප්‍රනාන්දු , මාලන් ප්‍රනාන්දුපුල්ලේ , සමන්ත දොඩංවල හා ශම්මි ප්‍රසන්න ගුණසේකර නාම යෝජනා දී ඇත.
ශ්‍රීලංකා ක්‍රිකට් නිලවරණය මැයි 31 වැනිදා පැවැත්විය යුතු බවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කළ අතර ඒ සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් 5 දෙනෙකුගෙන් යුත් නිලවරන කමිටුවක්ද පත්කර තිබේ.


0 Comments